ගොඩක් වෙලාවට අපි හැමෝටම අපිට හරියන ආදරවන්තයෙක්ව තෝරගන්න බැරි වෙනවා. ඒත් අපිට ආදර සම්බන්ධතාවයක් පටන් අරගෙන ටික කාලයක් යනකන් මේ දේ තේරෙන්නෙ නෑ. හැබැයි අපි ආදරේ කරලා විවාහ ජීවිතයක් වගේ සංකීර්ණ ක්රියාවලියකට එලබෙන කොට නම් අපි ආදරේ කරන කෙනාවම විවාහ කරගන්නත් සුදුසුද කියලා කලින්ම දැනගෙන ඉන්න ඕනි.

එහෙම නොවුනොත් අපිට වෙන්නෙ හැමදාම දුක් විදින්න. ඒ නිසා මෙන්න මේ ක්රම අනුගමනය කරලා බලන්න ඔයාගෙ පෙම්වතාටත් මේ ගති ලක්ෂණ තියෙනවද කියලා. එහෙම තියෙනවා න්ම් ඉක්මනින්ම ඔහුගෙන් ඈත් වෙන්න. ඔයාගේ පෙම්වතා නිතරම ඔයාගෙ දිහා සැකෙන් බලන කෙනෙක්ද? මේ සැකය කියන්නෙ ඉද හිටලා ඇතිවන සැකයක් නෙවෙයි.

සමහර වෙලාවට ආදරේ කරන කෙනා නැතිවෙයි කියන බයටත් ඉදලා හිටලා සැක කිරීම සාමාන්ය දෙයක්. ඒත් නිතරම ඔයා දිහා සැකෙන් බලන කෙනෙක් නම් ඒ වගේ අය එක්ක ජීවත් වෙන්න ගොඩක් අමාරුයි. උදහරණයක් විදිහට මට හිටපු යාලුවෙක්ගෙ පෙම්වතා ඇයව අධිකව සැක කරනවා. ඇය බස් එකේ ගියත් පාරෙ ගියත් පන්සලට ගියත් නිතරම සෙල්ෆි යවමින් ඇය සිටින ස්ථානය තහවුරු කිරීම සිදු කල යුතුව තිබුණා.මේ වගේ දෙයක් ඇත්තටම කරදර වැඩක් වගේම ගොඩක් කලකිරෙන වැඩක් කියලා තමයි මගේ යෙහෙලියට දැනුනෙ. ඉතින් කෙටි කාලෙකින් ඇය ඔහුගෙන් වෙන් වුණා. ඒ වගේම ඔයාගෙ පෙම්වතා ඔයාට දුකක් දැනුනම ළගම ඉන්න කෙනෙක් නෙවෙයි නම් ඔහු ඇත්තටම ඔබට ආදරෙයිද කියල කල්පනා කරලා බලන්න. අපි ගොඩක් වෙලාවට ආදරේ කරන්න කෙනෙක්ව තෝරගන්නෙ එකිනෙකාගෙ දුක සැප ලගදි ලගින් ඉන්න බලාගෙන.

ඉතින් ඔයා ජීවිතේ තනි වුණ ඔයාට දුක හිතුණ වෙලාවක ඔයාගෙ පෙම්වතා අවම වශයෙන් ඔයාව අහගෙනවත් ඉන්නෙ නැත්නම් ඔයාට ජීවිතේ ප්රශ්න එන හැමවෙලේම ඒ දේවල් තනියම දරාගන්න වෙනවා කියලා අමතක කරන්න එපා. ඔහුගේ කාර්යබහුල මොහොතකදී ඔහුට ඔබ ගැන බැලීමට අතපසු වෙන්න පුළුවන් ඒත් ඔහු කිසිසේත්ම ඔයාගෙ දුකට ඇහුම්කම් නොදෙන කෙනෙක් නම් දෙපාරක් හිතන්න.

ඔයාගෙ පෙම්වතා අනිත් අය ඉස්සරහ ඔයාව පහතට කරලා විහිලුවට අපහසුතාවයට පත්වෙන විදිහට කතා කරනවා නම් ඔහු ඔබට ඇත්තටම ආදරේ කරනවද කියල හිතන්න. මගේ එක් යාලුවෙක්ට හිටපු පෙම්වතා ඇයව නිතරම ඔවුන්ගේ දෙමව්පියන් යහලුවන් අතර අපහසුතාවයට පත්කොට සතුටක් ලබන්න පුරුදුව සිටියා. ඇයගේ අතිශය පෞද්ගලික තොරතුරු පවා ඔහු යහලුවන්ට හෙලි කොට ඇයට සිනාසී තිබුණා. ඉතින් ඇය ඉක්මනින් ඔහුගෙන් වෙන්වුණා.

ඔබේ පෙම්වතාට ඔබත් සමග යම් යම් දේවල් වලදී ලැජ්ජාවක් අකමැත්තක් තිබෙනවා නම් ඔහු ඔබට ආදරේ ද කියලා ආයෙත් හිතන්න.උදාහරණයක් විදිහට ඔයා ස්ටයිල් කරන්නෙ නැති එකට ඔයා සරලව ඉන්න එකට පෙම්වතා අකමැති නම් එහෙම නැත්නම් ඔයා එක්ක පාරෙ අතක් අල්ලගෙන ඇවිදගෙන යන්න ඔයා කතා කරන විදිහට එයා අකමැති නම් ඔයාලා ගැලපෙනවද කියල නැවත හිතන්නෝන මොකද ආදරේ කරනවා කියන්නෙ අපේ හැමදේටම ආදරේ කිරීමක් මිසක් අපිව ලැජ්ජාවක් කියලා අනිත් කෙනාට දැනෙන දේකට නෙවෙයි.ඒ වගේම ඔයාගෙ පෙම්වතාට ඔයා මොනදේ කරත් වැරද්දක් විදිහට පේනවා නම් ඔහුට ඉක්මනින්ම ඔබගෙන් වෙන්වීමට අවශ්යව ලැතැවෙනවා වෙන්න පුළුවන්.

ඔයා ඇන්දත් කතා කරත් යාලුවො ආශ්රේ කරත් මොනදෙ කරත් ඒකෙ වරදක්ම පේන කෙනෙක්ට එයාට ඕනි විදිහට ඉන්න දීලා පැත්තකට වෙලා ජීවිතේ තනියම හදාගන්න එක වටිනවා. මේ වගේ නොගැලපෙන කෙනෙක්ට ආදරේ කරන වෙලාව ඔයාට පුළුවන් ගෙදර අයට ආදරේ කරන්න කැප කරන්න.

                                                                                              සටහන - වගීෂා ඕෂිණී