ඔබ ළඟ ම සමීපතයන්ගෙන් ජිවිතේ කොහොමද ? ජිවිතේ ඔබ සතුටින් ද ? ඇහුවොත්,

"ජිවත් වෙනවා කියන එක ම ප්රශ්නයක්..." "මැරෙන්න බැරි නිසා ජිවත් වෙනවා...."
"කිසිම සතුටක් නැහැ..."
ඔන්න ඔය වගේ උත්තර ගොඩාක් ලැබේවි ...

එහෙම නේද ? ඇත්තමට මේ සතුට කියන්නේ මොක්කද ? සතුට ලබාගන්නේ කොහොමද ? අපි සතුටින් ඉන්නේ කොහොමද ?

සතුට කියන්නේ එකිනෙකාට සාපේක්ෂ දෙයක් වගේම සතුට එකිනෙකාට විවිධාකාරයෙන් අරුත් ගන්වන්නත් පුළුවන්. ඔබේ සතුට ඔබ කොහේ කොතැනක හෙව්වත් සතුට තියෙන්නේ ඔයාගෙම ළඟ. ඇයි එහෙම කියන්නේ ? මෙහෙම හිතමුකෝ. සමහරවිට ඔබේ සතුට අහිමි වෙලා ඇත්තේ ඔබේ පුංචි නිවස සුපිරි නිවසක් ලෙසට හදාගන්න බැරි නිසා වන්නට පුළුවන්. එත් ඔබ දන්නවද ? මේ වෙලාවේ මහ පාරෙත් මහ වැස්සට තෙමි තෙමි මිනිස්සු ඉන්නවා කියල. සමහරවිට ඔබ දුකට පත් වෙලා ඉන්නේ ඔබට දහවලට රසවත් ආහාරයක් නැති නිසා වෙන්න ඇති. ඒත් ඔයා දන්නවා ද ? සෝමාලියාව වගේ තුන්වන පන්තියේ රටවල අධික දරිද්රතාවයෙන් පෙළෙන මිනිස්සු බඩගින්න ඉවසගන්න බැරි ම තැන මැටිවලින් රොටි සකසා ආහාරයට ගන්න බව, ඔබ ආහාර එක්ක Coke, EGB බොන්න හොයනකොට පිපාසාව ඉවසගන්න බැරි ව සමහර මිනිස්සු තමන්ගේ ම මුත්රා පානය කරන බව, ගවයින් ළඟ රැකගෙන ඉන්නවා. ඔවුන්ගේ පිපාසාව සංසිඳුවන ගන්න ගව මූත්රා එකතු කර ගන්න. සුපිරි පාවහන් යුගලක් ගන්න නැතුව දුක් වෙන මොහොතක දෙපාවත් හිමි නැති මිනිස්සු මේ ලෝකේ ඉන්න බව,

මේ ළඟ දි "නාඩගම්කාරයෝ'' ටෙලිනාටකයේ මාලන්ගේ හරි ලස්සන කතාවක් සමාජ ජාලවල එහෙ මෙහෙ share වෙලා තිබුණා.

"මිස්ටර් සිරිසේන..
මේම හිතන්න. ඔයයි මමයි පට්ට දවල් දොළහට විතර නගිනවා හැතැප්ම දෙකක් විතර උස කන්දක්. Right, අපි ඒ කන්ද මුදුනට ම නගිනවා. මේ පට්ට අව්වේ, සෝ හති, සෝ සනී, නිකන් දිව ගිලෙන්න තරමට ම හතී. ඒ වගේ ම තිබහයි. ඒ තිබහ අස්සේ අපිට හම්බෙනවා. කූල් කරපු මිල්ක් ග්ලාස් දෙකක්. One for me & One for you. ඔයා එක මිල්ක් ග්ලාස් එකක් ගන්නවා. මොකක් කියාගෙන ද ? අයියො! මෙච්චර කන්දක් නැගලත් හම්බුණේ එක මිල්ක් ග්ලාස් එක ද ? කියල .....''
"ඉතිං....මාලන් මහත්තයා දවල් දොළහට ඔච්ච්ර උස කන්දක් නැගල කිරි විදුරක් හම්බුණාම එක එක උගුරටත් මදිනේ...''
"ඔයා දන්නවද ? මම මොක්කද කියන්නේ කියල. මම ගන්නවා කිරි විදුරු අරන් කියනවා. ෂා.... මට කූල් කරපු මිල්ක් ග්ලාස් එකක් ම හම්බුණානේ කියල. ඒම කියල ගුඩු ගුඩු ගාලා හරි ආසාවෙන් බොනවා.දැන් මට කියන්න. මිස්ටර් සිරිසේන.. වැඩියෙන්ම සතුටින් ඉන්නේ ඔයා ද ?නැත්තම් මම ද ?''


"May of thinking positive and negative කියල දෙකක් තියෙනවා."
ඉතිං, සතුට තියෙන්නේම ඔබේ ළඟ. සතුට නැති වෙලා නැහැ. හැංගිලාත් නැහැ. ඔබේ ආකල්පයන්, සිතුම්-පැතුම් නිසාවෙන් සතුට නැති කරගෙන තියන්නේ ඔබමයි. සෘණාත්මක අදහස් ඔබේ සතුට මරනවා. ධනාත්මක අදහස් ඔබට සතුට මවනවා.
ඔබට පුළුවන් ඔබට ළඟ තියෙන දේ පිළිබඳ ව සතුටු වන්න.
ජිවත් වෙන්න. ඔබේ සතුට ඔබ සොයන්න. කතාවක් තියෙනවා සරලකම තුළ සතුට තියෙනව බවට. ඔව්.. එක සැබැවක්. බලාපොරොත්තු පොදි බැද ගන්නේ නැතුව ජිවත් වෙන්න උත්සහ කරන්න. බලාපොරොත්තු දිනාගන්න කැපවිම් කරන්න, උත්සහය වඩන්න. ඉටු නොවුනොත් ආයේ ආයෙම උත්සහ කරන්න. කම්පා වෙන්නෙපා.. ජිවිතේ කියන්නේ හරි කෙටි ම කාලයක්. හැමෝම එක වගේ බලාපොරොත්තු ඉටු කරගන්නෙ නැහැ. ඉටු කරගත්ත හැමෝම සතුටින් හිටියෙත් නැහැ. ඔබ සිතනවා නම්, ඔබ උපයන මුදල්වල සතුට තියෙනවා කියල.... නැහැ. සතුට තියෙන්නේ ඔබේ මනස තුළ, ඔබේම සිතුවිල්ල තුළ..
මොහොතක් හතිදාගෙන දුවන ජිවිතෙන් විරාමයක් ගන්න. සතුට හොයන්න නැහිලා නැහිලා මැරිලා යන්න කලින් ජිවිතේ සමඟ ජිවත් වෙන්න. හැමදේම දරාගන්න. උපේක්ෂාවෙන් බලන්න. දුර තියෙන දේට වඩා ළඟ තියෙන දෙයින් සැනසෙන්න. එවිට ඔබට අහිම් වුණ සතුට යළිත් ලැබේවි.
"Life is short and live happy life..."
සටහන - ධනූ කුලතුංග