"වෛද්යවරයාට වැරදුනහොත් එම වැරදි මහ පොළොව මගින් වසා ගනු ඇත.නීතීඥයාට වැරදුනහොත් එය සිපිරි ගෙය මගින් වසා ගනු ඇත.ඒ නමුත් ගුරුවරයාට වැරදුනහොත් එය ලොව සෑමතැනකදීම දැක ගැනීමට හැකිය."

මෙය මෑතකදී මට අසන්නට ලැබුණු ගැඹුරු අර්ථයක් සහිත වූකියමනකි.සැබවින්ම මෙහි සත්යතාවයක් පවතින්නේද..?
සැබැවින්ම සමාජයක් තුළ යහපත් පුරවැසියෙකු දායාද කිරීමේ කාර්යභාරය තුළ දී අනෙකුත් ක්ෂේත්ර වලට වඩා වැඩි වගකීමක් බාර වෙන්නේ ගුරු වෘත්තිය වෙතයි. ඕනෑම මට්ටමක සිටින දරුවකු ලොව ඉහළම තලයට ගෙන යාම හෝ මුළු ලොවටම විනාශකාරී චරිතයක් කිරීමට ගුරුවරුන්ගේ ක්රියාකලාපයට හැකිය. විශේෂයෙන්ම දරුවන් නිසියාකාරව තේරුම් නොගත් ගුරුවරුන් නිසා ලොවට වටිනා චරිත අහිමි වී ගිය අවස්ථා මේ සමාජයේ කොතෙකුත් නම් දකින්නට ලැබේද. මේ ආකාරයෙන් ගුරු වරදින් ලොවට අහිමි වී ගිය ප්රසිද්ධ කලාකරුවෙකුගේ ජීවිත කතාව තමා අද මේ තුළින් ගෙන එන්නේ.
ලෝකය ඇති කරන්නටත් එය විනාශය කරා ගෙන යන්නටත් කලාකරුවෙකුට හැකි බව ප්රසිද්ධ කියමනකි.මෙම කියමනට ඉතාම සමීප චරිතයක් ලෙස කුරිරු ආඥාදායකයකු ලෙසින් ලොව ප්රකට වූ ඇඩොල්ෆ් හිට්ලර්ව හඳුනා ගන්න පුළුවන්.
කුරිරු ආඥාදායකයෙකු ලෙසින් ලෝකය තුළ හංවඩු ගැසුණු ඇඩොල්ෆ් හිට්ලර් තුළ මියදුණු චිත්රශිල්පියෙකු සිටි බව ඔබ දැන සිටියාද?.
1889 වසරේ අප්රේල් මස 20 වන දින ඔස්ට්රියාවේ දී උපත ලද ඇඩොල්ෆ් හිට්ලර් දරුවන් සය දෙනකුගෙන් යුත් පවුලේ හතරවැන්නා ය. පසුකාලීනව ලොව ප්රසිද්ධ පුද්ගලයෙකු බවට පත් වුණ ද හිට්ලර්ගේ ළමා කාලය නම් සුන්දර එකක් වුණේ නෑ. විශේෂයෙන්ම කුඩා කාලයේදීම තම සහෝදර සහෝදරියන් තුන්දෙනෙකුගේ මිය යාමත් සැර පරුෂ තාත්තගේ ඇනුම් බැනුම් හා ගුටි ප්රහාර හමුවේ මානසික පීඩනයන්ගෙන් පසුවුණු කුඩා හිට්ලර් තරමක් ප්රචණ්ඩකාරී දරුවෙක් වුණා. ඒ වගේම තවත් කාලයක් ගත වෙද්දී ඉතිරි වෙලා හිටපු සහෝදර සහෝදරියනුත් මිය යද්දීත් පියාගේ අඩත්තේට්ටම් වල නම් අඩුවක් දක්නට ලැබුනේ නෑ. මෙවැනි කරුණුත් එක්ක කුඩා හිට්ලර්ගේ ප්රචණ්ඩකාරී බව දිනෙන් දිනම තව තවත් වැඩි වෙන්න පටන් ගත්තා.
දරාගන්න බැරි තරම් වේදනා විදපු ළමා කාලයක් හිත යට හංගා ගත්තු හිට්ලර් වයස 18 වෙනකොට ආගමික අංශයට නැඹුරුවක් දැක්වීමත් එක්කම පූජකයෙක් වෙන්න ඕන කියන අදහසක් හිට්ලර්ගේ ඔලුවට එනවා.ඒ හේතුවෙන්ම පල්ලියේ ගීතිකා කණ්ඩායමටත් සම්බන්ධ වෙලා ඔහු එම කටයුතු වල නිරත වෙමින් හිටියා. නමුත් කාලයත් එක්කම ඒ අදහස ඔහුගෙන් කෙමෙන් ඉවතට යන්නට වුණා. සමහරවිට ඔහු පූජකයෙක් වුනා නම් ආගමික මතවාද හරහා ජාතිවාදය ව්යාප්ත කරන්නෙක් වෙන්නත් ඉඩ තිබුණා. ලෝකයේ හොදට හෝ නරකට පූජකවරයෙක් වීමේ අදහස යටපත් කරගත්ත හිට්ලර් ඊළඟට අවධානය දුන්නෙ චිත්‍ර කලාව පැත්තට.
ඇත්තෙන්ම කියනවනම් කුඩා කාලෙ ඉදලා හිට්ලර්ගේ ලොකුම අරමුණ වෙලා තිබුණේ ගෘහ නිර්මාණ ශිල්පයෙහි සහ සිතුවම්කරණයෙහි විශිෂ්ටයකු බවට පත්වීම තමයි. කුඩා කාලයේ ඉඳලම ඒ සඳහා සුවිශේෂී කුසලතාවයන් දැක්වීමටත් ඔහු සමත් වෙලා තිබෙනවා.
කෙසේ නමුත් ඔහු චිත්ර කලාවට කෙතරම් දස්කම් පෑවත් ඔහුගේ හීනෙට ලොකුම බාධාවක් වුණේ ඔහුගේ නපුරු තාත්තා. විශේෂයෙන්ම ඔස්ට්රියාවල වියානා හි තිබෙන ආර්ට් ඇකඩමි නම් චිත්ර පාසලට ඇතුළත් වෙන්න ඔහු තුළ ලොකු ආශාවක් තිබුණත් ඔහුගේ තාත්තගේ ආශාව වුණේ ඔහුට තාක්ෂණික අංශයෙන් ඉහළ අධ්යාපනය ලබා දීම තමයි.

ඉතින් හිට්ලර්ගේ හීනෙට තිඹිරිගෙයිදීම අගුලු දාපු තාත්තා බලෙන්ම ඔහුව තාක්ෂණික විද්යාලයට ඇතුළත් කරනවා.මේ ක්රියාවට කිසිම කැමැත්තක් නොදක්වපු හිට්ලර් තම හිතෙන්ම මින් ගැළවීමේ ක්රියාදාමයට කැරළි ගහනවා. එම ස්වයං කැරලි ගැසීමේ අවසාන ප්රතිඵලය ලෙස ඔහුට සිතෙනවා තාක්ෂණික විද්යාලයේ දී අඩු ප්රතිඵල පෙන්නුවහොත් තමන්ගේ හීන හැබෑ කරගන්න පියාගෙන් අවසර ලැබෙයි කියලා. මේ නිසාම ඔහු සිතාමතාම දුර්වල ප්රතිඵල පෙන්වීමත් විභාග අසමත් වීමත් වෙනුවෙන් කැප වුණා.
කෙසේ හෝ මේ අතරතුර කාලයේදී හිට්ලර්ගේ පියා සිය ජීවිතයෙන් සමු ගැනීමත් සමගම ඒකාධිපති පාලනයෙන් මිදුන හිට්ලර් තාක්ෂණික විද්යාලයෙන් ඉවත් වෙලා තමන්ගේ හීනෙට යන්න උත්සාහ කරා. ඒ හමුවේ 1907 වසර පමණ වෙද්දී වියානා ආර්ට් ඇකඩ්මි එකට ඔහු අයදුම් කළත් ඉන් දෙවතාවක්ම ඔහුගේ අයදුම්පත ප්රතික්ෂේප වුණා. සැබවින්ම ලෝකය ඔහු දෙස බැලූ කෝණයෙන්ම චිත්ර පාසලේ මහාචාර්යවරුන්ද ඔහු දෙස බලන්නට ඇති. ඔවුන් කීවේ හිට්ලර් වගේ කෙනෙකුට චිත්ර ශිල්පය ගැලපෙන්නෙ නෑ කියලා. චිත්ර ශිල්පය වෙනුවට ගෘහ නිර්මාණ ශිල්පය දෙසට අවධානය යොමු කිරීම හොඳ බව තමා ඔවුන්ගේ අදහස වුණේ.
තමන්ගේ චිත්
ර දක්ෂතා පිළිබඳව ඉහළ ආත්ම විශ්වාසයකින් පසුවුණු හිට්ලර්ට මේක දරාගන්න බැරි වුණා වගේම පරාජය භාර ගන්නත් ඔහුගේ සූදානමක් තිබුණේ නෑ." මට දැණුනෙ හරියට ඒ වෙලාවෙ මට අකුණු පාරක් වැදුනා වගේ" කියල පස්සෙ කාලෙක ඔහුගේ චරිතාපදානයේදී ඔහු කියලා තිබුණා.
මෙම ප්රතික්ෂේප වීම හමුවේ හිට්ලර් විසින් අනුමාන කලේ යුදෙව් ජාතික මහාචාර්යවරයෙකු විසින් ඔහුගේ ප්රතික්ෂේපය සිදුකළ බව තමයි. මිනිස් සිතුවම් ඇදීමේදී හිට්ලර් ඉතාම නොසැලකිල්ලෙන් කටයුතු කරන බව අදාල මහාචාර්යවරයා පවසා තිබීම නිසා තමා මේ සැකය හිට්ලර්ට ඇති වුනේ.
මිනිස් සිතුවම් ඇදීම කෙසේ වෙතත් ස්වාභාවික පරිසර දර්ශනයන් හා ගොඩනැගිලි දර්ශනයන් සිතුවම්කරණයේ දී නම් හිට්ලර් අතිවිශිෂ්ට දස්කම් පා ඇති බව ඔහුගේ සිතුවම් දකින ඕනම කෙනෙක්ට තේරෙනවා. කොහොමහරි මේ අතරතුර කාලෙදි මේ හැමදේටම උදව් වුණ හිට්ලර්ගේ මවත් මිය යනවා. චිත්ර පාසලට ඇතුළත් වීමටත් බැරිවුන නිසා හිට්ලර් තම සිතුවම් අලෙවි කර මුදල් උපයා ගත්තා. ඒ වුණත් තවමත් චිත්ර ශිල්පියකු වීමේ හීනය අත්නොහැරි ඔහු කුලී වැඩ කරමින් වීදි වල ඇවිදිමින් තැනින් තැනට යමින් කාලය ගත කරගෙන චිත්ර අලෙවියේ යෙදෙන්නට වුණි. මේ කාලේදී තම පියාගේ දේපළවල අයිතියද ඔහුට ලැබුණා. හැබැයි තම සිතුවම් වලට ජර්මනිය තුළ හොඳ වෙළඳ පොළක් ගොඩනඟා ගන්නට හැකි බවට සිතූ හිට්ලර් 1925 දී ජර්මනියට සංක්රමණය වෙනවා.
කොහොම වුණත් ජර්මනියේ මියුනිච් වන ඉද්දී හමුදාවට ලියාපදිංචි වෙලා නෑ කියලා ඔහුව හමුදාවෙන් බලෙන් අරන් ගියත් එහි පළමු යෝග්යතා පරීක්ෂණයෙන්ම ඔහු අසමත් වෙනවා.ඉන් පස්සෙ කොහොමහරි පසු කාලෙකදි හමුදාවට බැඳුණු හිට්ලර් යුධ හමුදා පත්තරේට කාටුන් අඳිනවා.ඉන්පස්සෙ පළමු ලෝක යුද්ධය පරාජයත් සමගම මේ හැමදේම වෙනස් වෙනවා.
සිතුවම් අලෙවි කර ගැනීමේ අරමුණින් ජර්මනියට පැමිණි ඔහුට එරට නාසි පක්ෂයේ මෙන්ම ජර්මනියේ නායකයා බවට පත්වීමට අවස්ථාව ලැබෙනවා. එහිදී ඔහු තම ජාතිවාදී සිතුවිල්ල චිත්ර කලාවටත් ආරෝපණය කරමින් ඒ සමගම නාසිවාදයට එකඟ නොවන හා නාසි විරෝධී චිත්ර සියල්ලම කලාකාර වලින් ඉවත් කළ යුතු බවට අණ දෙනවා.
හිට්ලර්ගේ චිත්ර වල කිසිම කලාත්මක අගයක් හෝ වටිනාකමක් තිබුණේ නෑ කියලා ලෝක විද්වතුන් කියලා තිබුනට ඇත්තටම මේක සත්ය කතාවක් ද නැත්නම් හිට්ලර්ගේ ක්රියා කලාපය ගැන තියෙන අපැහැදීම නිසා කියූ කතාවක් ද කියලත් සැකයක් තියෙනවා.
කොහොම වුණත් එක්තරා ලේඛකයෙක් අනන්යතාවය සගවමින් හිට්ලර්ගේ චිත්රයකට විචාරකයකුගෙන් අදහස් විමසූ අවස්ථාවකදී නම් එම විචාරකයා එම චිත්රය ඉහළ කලාත්මක ගුණයක් තිබෙන බව කියලා තියෙනවා. ඉතින් ඒකෙන් නම් පැහැදිලි වෙන්නෙ හිට්ලර්ගේ සිතුවම් අගය කිරීමට ඇති අප්රසාදය නිසා සියලු දෙනාම ඒවාගේ කලාත්මක බවක් නැති බවට කියන්නට ඇති කියල තමා.

මේ කතා සියල්ලත් එක්කම බලද්දී කුඩා කාලෙදි පියාගෙන් එල්ල වූ අඩත්තේට්ටම් මෙන්ම සහෝදර සහෝදරියන්ගේ වියෝවත් සමග මානසිකව ඇද වැටුණු හිට්ලර් ප්රචණ්ඩකාරී අයෙක් වෙනවා සේම සමාජය විසින් පිටතින් ඔහු මැනීමට යෑම නිසා ඔහු තව තවත් දරුණු හා ප්රචණ්ඩකාරී පුද්ගලයකු වූ බව නම් කිව හැකියි. තවද ඕනෙම සමාජයක දී මනුස්සයෙක් පිට පෙනුමෙන්, ක්රියාවෙන් එම මනුස්සයාව විනිශ්චය කරන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියලත් හිට්ලර්ගේ කතාව ඇහුවාම නම් ඔප්පු වෙනවා.
මේ ආකාරයට හිට්ලර් සතු සිතුවම් කරණයෙහි දක්ෂකම් ගුරුවරුන්, දෙමාපියන් හෝ සමාජය විසින් සැලකිල්ලට නොගැනීම නිසා වටිනා කලාකරුවෙක් සේම
ගෘහ නිර්මාණ ශිල්පියෙක් ලොවට අහිමි වුණා.
සටහන - සෞම්යා දිල්රුක්ෂි රාජපක්ෂ