"මා රංගන ජීවිතය තෝරාගත්තේ මගේ ජීවිතය ඒකාකාරි සහ සාමාන්ය දෙයක් බවට පත් වු නිසා"

_🇩🇺🇱🇶🇺🇪🇷‌ 🇸🇦🇱🇲🇦🇦🇳‌_

මලයාලම් සිනමාව මෑතක දී ලෝව බොහොමයක් සිනමාලෝලීන් ගේ අවධානයට ලක් විය. මලයාලම් සිනමාවට ඇළුම් කරන කෙනෙකුට නම් දුල්කර් සල්මාන් නුපුරුදු කෙනෙක් නෙවෙයි.

වර්තමාන මලයාලම් සිනමාවේ ජනප්රිය නළුවෙකු වන දුල්කර් සල්මාන් වර්ෂ 1986 ජූලී මස 28 ඉන්දියාවේ පිහිටි කොචිහි චිත්රපට නළු Mammotty සහ ඔහුගේ බිරිඳ Sulfathගේ දෙවන දරුවා ලෙස උපත ලැබී ය. ප්රාථමික අධ්යාපනය Toc-H public school සහ Vyttila (Kochi) හැදෑරූ දුල්කර් සල්මාන් ද්විතීක අධ්යාපනය සදහා චෙන්නායිහි පිහිටි Sishya පාසලට ඇතුළත් වී සාර්ථක ව පාසල් අධ්යාපනය නිමා කරමින් උසස් අධ්යාපනික කටයුතු සදහා විදේශගත විය. එක්සත් ඇමරිකා ජනපදයේ Purdue විශ්වවිද්යාලයට ඇතුළත් ව අධ්යාපනය ලැබූ ඔහු Business management පිළිබඳ ව උපාධියක් ද ලබා ගත්තේය. උපාධිය සම්පුර්ණ කිරීමෙන් පසු දුල්කර් ඇමරිකාවේ ම තොරතුරු තාක්ෂණික ක්රේෂ්ත්රයේ රැකියාවක නිතර වී ඇත. වර්ෂ 2011 දෙසැම්බර් මස යුග දිවියට පැමිණි දුල්කර් සල්මාන් අතීනත ගත්තේ ගෘහ නිර්මාණ ශිල්පිණියක වූ අමල් සූෆීයා සමග ය. මේ වනවිට පියෙකු වන ඔහුගේ දියණිය නමින් Maryam Ameerah Salmaan ය.

දුල්කර් සල්මාන්ගේ රංගන දිවියේ ආගමනය පිළිබඳ කතා කිරිමේ දී වර්තමාන ඉන්දියානු සිනමාවේ ඔහු දකුණූ ඉන්දීය filmfare සම්මාන සහ කේරළ ප්රාන්ත දක්ෂ සිනමාපට සම්මානලාභියෙක්. මුම්බායිහි පිහිටි Barry John නම් රංගන ස්ටුඩියොවෙන් ත්රීමාසික රංගන පාඨමාලාවක් හැදෑරූ ඔහූ 2012 වර්ෂයේ දී ශ්රීනාත් රාජේන්ද්රන් විසින් අධ්යක්ෂණය කළ ඉන්දියානු මලයාලම් 𝘼𝙘𝙩𝙞𝙤𝙣/𝘾𝙧𝙞𝙢𝙚 ශානරයට අයත් Second show චිත්රපටයේ ඔහුගේ මංගල රංගනය ඉදිරිපත් කළේ ය. 

දුල්කර් ඔහුගේ මංගල සිනමාපටය වූ 𝙎𝙚𝙘𝙤𝙣𝙙 𝙨𝙝𝙤𝙬 සිනමාපටයෙහි නිරූපණය කළ හරිලාල්ගේ චරිතය වෙනුවෙන් Filmfare සම්මාන උළලේ Best male debut සම්මානය තමන් නමට හිමි කරගත්තේය. එතකින් ඇරඹි දුල්කර්ගේ සිනමා ජිවිතය තුළ වර්ෂ 2012 දී ම අන්වර් රෂිඩ් විසින් අධ්යක්ෂණය කළ මලයාලම් සිනමාපටයක් වූ "𝙐𝙨𝙩𝙖𝙙 𝙝𝙤𝙩𝙚𝙡" නම් සිනමාපටය Boxoffice වාර්තා තබමින් සාර්ථකත්වය ලැබීය. Ustad hotel සිනමාපටය ජාතික සිනමාපට සම්මාන උළෙලේදී ජනප්රියම සිනමාපටය ලෙස සම්මානයට පාත්ර වූ අතර දුල්කර්ගේ ෆයිසි චරිතය වෙනුවෙන් ඔහු Filmfare best actor සම්මානයට පාත්ර විය. බොහෝ විචාරකයන්ගේ අවධානයට ලක් වූ මෙම සිනමාපටය පිළිබඳ ව The New Indian Express සගරාවේ කතෘවරයෙකු වූ Anil R Nair සඳහන් කළේ "තරුණ හා ආකර්ෂණීය දුල්කර් ෆයිසිගේ චරිතයෙන් ඔහුගේ පියාගේ සෙවනැල්ලෙන් එළියට පැමිණ ඇති බව ය."

𝘿𝙪𝙡𝙦𝙪𝙚𝙧 𝙨𝙖𝙡𝙢𝙖𝙖𝙣 දායක වූ සිනමාපට

🎬Second show (2012)
Malayalam
Action/Crime
7.1/10 IMDb

🎬Ustand hotel (2012)
Malayalam
Comedy/Drama
8.2/10 IMDb

🎬Theevram (2012)
Malayalam
Action/Crime/Thriller
6.5/10 IMDb

🎬 American Born Confused Desi (2013)
Malayalam
Comedy
6.7/10 IMDb

🎬 5 Sundarikal (2013)
Malayalam
Drama/Romance
6.9/10 IMDb

🎬 Neelaksham pachakadal chuvanna bhoomi (2013)
Malayalam
Adventure/Drama/Romance
7.7/10 IMDb

🎬Pattam pole (2013)
Malayalam
Romance
4.9/10 IMDb

🎬 salala mobiles(2014)
Malayalam
Comedy
4.0/10 IMDb

🎬 Vaayai moodi pesavam (2014)
Tamil
Comedy/Drama/Romance
6.7/10IMDb

🎬 Samsaaram Aarogyathinu haanikaram (2014)
Malayalam
Comedy/Drama/Romance
6.7/10 IMDb

🎬Bangalore Days (2014)
Malayalam
Comedy/Drama/Romane
8.3/10 IMDb

🎬Vikramddithyan (2014)
Malayalam
Drama
6.9/10 IMDb

🎬Njaan (2015)
Malayalam
Drama
6.0/10 IMDb

🎬100 Day Of Love (2015)
Malayalam
Comedy/Romane/Drama
6.0/10 IMDb

🎬Charlie (2015)
Malayalam
Adventure/Drama
8.0/10 IMDb

🎬Kali (2016)
Malayalam
Action/ Thriller
6.9/10 IMDb

🎬Kammatipaadam (2016)
Malayalam
Action/Drama
8.1/10 IMDb

🎬Annmaria Kalippilanu (2016)
Malayalam
Comedy/ Drama
7.2/10 IMDb

🎬Jomonte Suvisheshangal (2017)
Malayalam
Comedy/Drama
6.7/10 IMDb

🎬CIA (comrade in ameria) (2017)
Action/ Adventure/ Drama
6.5/10 IMDb

🎬Parava (2017)
Malayalam
Action/ Comedy/ Drama
8.1/10 IMDb

🎬Solo (2017)
Malayalam
Action/ Drama/ Thriller
7.1/10 IMDb

🎬Mahanati (2018)
Tamil
Biography/ Drama
8.5/10 IMDb

🎬Karwaan (2018)
Hindi
Adventure/ Comedy/ Drama
7.6/10 IMDb

🎬Oru yamandan premakadhal (2019)
Malayalam
Comedy/ Drama/ Romance
5.3/10 IMDb

🎬The Zoya Factor (2019)
Hindi
Comedy/ Drama/ Romance
4.2/ 10 IMDb

🎬Varane Auashayamund (2020)
Malayalam
Comedy/ Drama/ Romance
6.9/10 IMDb

🎬Maniyarayile ashokan (2020)
Malayalam
Comedy/ Romance
4.7/10 IMDb

🎬Kurup (2021)
Malayalam
Biography/ Crime/ Thriller
8.0/10 IMDb

🇦🇼🇦🇷🇩‌ 🇫🇴🇷‌ 🇦🇨🇹🇮🇳🇬

🏆SIIMA award (2012)හී
Second show සිනමාපටය වෙනුවෙන් Best Debut Actor award

🏆Ananda Vikatan Cinema Award (2015) හී
vaayai moodi pesuvam සිනමාපටය වෙනුවෙන් Best Debut Actor award

🏆Asianet Film Awards (2018) දී
Golden Star of the Year award

🏆Asianet Film Awards (2014) දී
Star of the Year award

🏆Filmfare Awards South (2019)හී
Mahanati සිනමාපටය වෙනුවෙන් Best Actor award (Critics)

🏆Kerala State Film Awards (2016)හී
Charlie සිනමාපටය වෙනුවෙන් Best Actor award

ආදි සම්මාන බොහොමයක් දුල්කර් සල්මාන් තමන් සතු ව වෙන් කරගන්නට සමත් වුණා. දුල්කර් සල්මාන් දක්ෂ සිනමාපට නළුවෙක් පමණක් නොව ඔහු දක්ෂ ගීත ගායකයෙක්.

🎶ABCD සිනමාපටයේ Johny mone johny ගීතය
🎶Manglish ඇල්බමයේ Njan noneanutta ගීතය
🎶Charlie සිනමාපටයේ Chandari penne ගීතය
🎶CIA සිනමාපටයේ Vaanam thilathilakkanu සහ Kerala manninayi ගීත
🎶Parava සිනමාපටයේ Ormakal ගීතය
🎶Kalyanam ඇල්බමයේ Drithangunulakithan ගීතය
🎶Malayala manorama AD ඇල්බමයේ puthu malayalam ගීතය
🎶Dear Comrade සිනමාපටයේ comrade anthem ගීතය
🎶Sarbath kadha ඇල්බමයේ Surbath anthem ගීතය
🎶Maniyarayile ashokan සිනමාපටයේ Unnimaya ගීතය
🎶Kurup සිනමාපටයේ Dingiri dingale ගීතය


                         KERALA  MANNAYI SONG

සිනමා තිරය ඉදිරියේ පමණක් නොව පසුබිම් තිරයේ ද දක්ෂයෙකු වූ ඔහූ පසුබිම් කථකයා ලෙස ද සිනමාපට කිහිපයකට දායක වී ඇත.

🎙️2014 වර්ෂයේ දී koothura හී කථකයා
🎙️2016 වර්ෂයේ Mudhugauv හී කථකයා
🎙️2017 Pokkiri simon හී කථකයා
🎙️2019 Margaamkali හී කථකයා (බබා)
🎙️2020 Maniyarayile Ashokan හී කථකයා
🎙️2021 Maara දෙමල සිනමාපට ට්රේලරයේ කථකයා

ලෝක සිනමාලෝලීගේ ආදරය දිනා ගත් දුල්කර් සල්මාන් වර්ෂ 2013 සහ 2014 හි දී kochi Times සගරාවේ "Most Desirable man" ලෙසින් නම් කර තිබේ. වර්ෂ 2016 දී ඇමරිකානු ජාත්යන්තර මාසික පිරිමි සගරාවක් වන Gentlemen's Quartely සගරාවේ වඩාත් බලවත් ඉන්දියානු තරුණයන් 50 දෙනා අතරින් සිව්වැනි ස්ථානය හිමි කරගන්නා ලදි. එ පමණක් නොව 2016 වර්ෂයේ ම Gentlemen's Quartely සගරාවේ "Best Dressed men" ලෙසද ඔහු නම් කර ඇත. 2019 වර්ෂයේ ඉන්දීය ජනප්රිය සගරාවක් වන Vogue india සඟරාවේ ඔක්තෝබර් සංස්කරණයේ මුල් කවරය සදහා දුල්කර් "කේරලයේ පළමු නළුවා" ලෙසින් පෙනී සිටියේ ය.

සිනමා තිරයේ වගේ ම සැබෑ ජිවිතයේ ද ඔහු ආදරණීය චරිතයක් වූ දුල්කර් සල්මාන්,

_කේරල මොටර් රථ දෙපාර්තමේන්තුවේ Sape Riding Campaign වෙනුවෙන් කෙටි චිත්රපටයකට දායක වී ඇත.
_chennai gives හි මුල පිරීම වෙනුවෙන් ඔහු විසින් පොත්පත්, පෑන්, පාසල් උපකරණ, පිඟන් භාණ්ඩ ආදි ද්රව්ය 50කින් ආධාර කර ඇත.
_බැංගලොර් පිහිටි motherhood රොහලේ අධ්යක්ෂවරයා ද ඔහු ය.
වැනි සමාජ සේවා රැසක් සඳහා ද ඔහු සිය දායකත්වය දක්වා ඇත.

🇩🇶‌ 🇺🇵🇨🇴🇲🇮🇳🇬‌ 🇲🇴🇻🇮🇪🇸

🎬Salute (Malayalam)
🎬Hey sinamika (Tamil)
🎬Yuddram to rasina prema katha (Theligu)
🎬Chup; Revenge of the aritst (Hindi)

                                                                                                      සටහන - ධනු කුලතුංග