ඩොඩෝ කියන්නේ මීට වසර ගාණකට කලින් ජීවත් වුණු පුංචි කුරුල්ලෙක්. මෙයා පුංචි කුරුල්ලෙක් වුණත් මේ කුරුල්ලට ඉගිලෙන්න නම් බැහැ. මේ කුරුල්ලා අද වන කොට ප්
රධාන වශයෙන්ම ලෝකයෙන් වද වී ගිය කුරුල්ලෙක්. ඒ නිසාම ඩොඩෝ කියන්නේ සුවිශේෂී කුරුල්ලෙක්.

“ඩොඩෝ” කියන්නේ පෘතුගීසි වචනයක් වන අතර එහි තේරුම වන්නේ “පහසුවෙන් රැවටෙන්නා යන්නයි”. 16 වැනි සියවසේ දේශ ගවේෂණයේ යෙදුණු පෘතුගීසි ජාතිකයින් තමයි ඩෝඩෝලා ඉන්දියන් සාගරයේ මොරිෂස් කියන දූපතේ ජීවත් වුණා කියලා හොයා ගන්නේ. ඉතිහාස සාක්ෂි වලට අනුව අවසාන ඩොඩෝ ජීවත් වෙලා තියෙන්නේ 1681 වර්ෂයේදී. හැබැයි මේ සම්බන්ධයෙන් විවිධ මත පවතින බවත් සදහන් කරන්න ඕන. ඩොඩෝ කුරුල්ලන් වද වී යෑමට හේතුව විදියට ඉතිහාසඥයින් පෙන්වා දෙන්නේ මේ කුරුල්ලන් ජීවත් වුණු කාලයේ හිටිය කැළෑ ඌරන් විසින් මෙම කුරුල්ලන්ගේ බිත්තර විනාශ කිරීම. තව මතයක් තියෙනවා මිනිස්සු මස් සදහා මෙම කුරුලු විශේෂය මැරීමට ලක්කිරීම නිසාත් මේ කුරුල්ලෝ වද වීමට ලක්වුණා කියලා.
ඩොඩෝ කුරුල්ලා පෙනුමෙන් කළුකුමාගේ පෙනුමට සමානයි. සාමාන්යයෙන් වැඩුණු ඩොඩෝ පක්ෂියෙක් කිලෝග්රෑම් 23 ක් පමණ වෙනවා. අළු හෝ නිල් පැහැයෙන් යුත් පිහාටු මෙන් ම රතුපාට කෙළවරින් නැමුණු අගල් නවයක් පමණ වන විශාල හොටයක් ද මේ කුරුල්ලට තියෙනවා. කකුල් තද කහ පාටයි. කකුල් වල පිටුපස අවසානයේ කැරළි ගැසුණු උස රැලි සහිත පිහාටු පවතිනවා. මේ කුරුල්ලගේ හිස සාමාන්යයෙන් කුඩා වන අතර ශරීරය ප්රමාණයෙන් විශාලයි.
අද වෙන කොට ඩොඩෝ කුරුල්ලෙක් බලන්න නම් අනිවාර්යෙන් ම බ්රිතාන්යය කෞතුකාගාරයට යන්නම වෙනවා. බ්රිතාන්යය කෞතුකාගාරයේ වර්තමානය වන විට ඩොඩෝ කුරුල්ලන්ගේ හිස් කබල් මෙන්ම පාදයන් ද ප්රදර්ශනයට තබා තියෙනවා. ඒ වගේම ලෝකයේ ප්රධාන කෞතුකාගාර ආශ්රිතව ඩොඩෝ කුරුල්ලන්ගේ අනුරූ ප්‍රදර්ශනයට තියලා තියෙනවා දැකබලා ගන්න පුලුවන්.
- සංජය අපේක්ෂ (අන්තර්ජාලය ඇසුරිනි)