අද මා ඔබට කියන්න යන්නේ ලෝකයේ මානව සංවර්ධන දර්ශකයට අනුව ලෝකයේ සතුටින්ම ජීවත් වන මිනිසුන් සිටින සොදුරු ෆින්ලන්තයේ පවතින අපූරු අධ්යාපන ක්රමය ගැන. ෆින්ලන්තයේ පවතින අධ්යාපන ක්රමයේ ප්රධාන සුවිශේෂීතාවය වන්නේ එරට සෑම ළමයෙකුම පාසල් යෑමට පටන් ගන්නේ වයස අවුරුදු හතේදී වීමයි. මදක් පමා වී සිය පාසල් ජීවිතය ආරම්භ වූව ද එම දරුවන්ට එය කිසිදු ගැටලුවක් නොවන බවයි එරට බලධාරීන්ගේ අදහස වන්නේ.
මේ ආකාරයෙන් පාසල් අධ්යාපනයට ඇතුළත් වන දරුවාට එක් අවුරුද්දකට මාස හයක පාසල් අධ්යාපනයක් ද ඉතිරි මාස හය පාසල් නිවාඩුවක් හිමි වීමද ෆින්ලන්ත අධ්යාපන ක්රමය තුළ පවතින ප්රධාන ලක්ෂණයක් බවට පත්වෙනවා. දරුවන් අධ්යාපනය ලබන මාස හය කාලය තුළ දී සතුට සහ ක්රීඩාව මුසු වූ අධ්යාපනයක් හිමිවෙනු ලබනවා.ෆින්ලන්තයේ පවතින සාම්ප්රදායික කියමනක් වන “සතුටෙන් තොරව ඉගෙනගන්නා දේවල් ඉතා ඉක්මනින් අමතක වේ” යන කියමන පදනම් කරගනිමින් ඒ අනුව එරට අධ්යාපනය නිර්මාණයවී තිබීම හදුනා ගන්නා පුළුවන්. ඉගැන්වීම් සිදුවන කාලයේදී විනාඩි පහළොවක විවෙික කාලයක් එරට දරුවන්ට ලැ‌බෙනවා. සෞන්දර්ය වැනි විෂයන් කෙරෙහි දරුවන් වැඩි වශයෙන් නැඹුරු කිරීමක් ද ෆින්ලන්ත අධ්යාපනය තුළ පවතින තවත් ප්රධාන ලක්ෂණයක් වෙනවා.
ෆින්ලන්ත අධ්යාපනය තුළ තරග විභාග ක්රමයක් පදනම් කරගත් අධ්යාපන රටාවක් දැක බලා ගැනීමට නොහැකියි. එම නිසා ගුරුවරුන්ට මෙන්ම සිසුන්ට නිදහසේ සිය අධ්යාපනය සිදුකර ගැනීමට අවස්ථාව උදාවී තියෙනවා. පන්ති කාමරයක් තුළ කොටු කිරීම තුළින් ලබාගන්නා දැනුමට වඩා නිදහසේ ඔවුන් විසින්ම අධ්යයනය කිරීමෙන් ලබාගන්නා දැනුම වඩාත් ඵලදායි ලෙස අනාගතයේදී යෙදවිමට ඒ තුළින් හැකියාව ලැබෙන බවයි ඒ අනුව ෆින්ලන්ත අධ්යාපන බලධාරින් පෙන්වා දෙන්නේ. එයට අමතරව දරුවා විසින් මානව හැසිරීම්, පරිසර අධ්යයනයන් හා සිය රටේ ඉතිහාසය ආදී දෑ තමා ජීවත්වන පරිසරය ස්වයංව විමර්ශනය කිරීම හරහා ඉගෙනගැනීමට පුරුදු පුහුණු වන බව ද ඔවුන් සදහන් කරනවා. ඒ ඔස්සේ දරුවා ස්වයං විමර්ශකයෙකු මෙන්ම තර්කානු පුද්ගලයෙකු වන බවයි ඔවුන් කියා සිටින්නේ.
ෆින්ලන්ත අධ්යාපනය ආකාර දෙකකින් සමන්විතයි. උසස් අධ්යාපනය සහ වෘත්තිය අධ්යාපනය වශයෙන්. එක් කාල සීමාවකදී එරට දරුවන්ට මෙම අධ්යාපන ක්රම දෙකෙන් සිය කැමැත්තෙන්ම එක් අධ්යාපන ක්රමයකට යොමු වීමට අවස්ඨාව උදා කර දී තියෙනවා. වැඩිදුර අධ්යාපනය ලැබීමට කැමති දරුවන්ට උසස් අධ්යාපනයට යොමුවීමට හැකි අතර වෘත්තිකයෙකු වශයෙන් කටයුතු කිරීමට කැමති දරුවන් සදහා වෘත්තිය අධ්යාපනයට යොමුවිමට ඒ අනුව හැකියාව ලැබෙනවා.
එරට ගුරුවරයෙකු වීම ද ලේසී පහසු කාර්යක් නොවෙයි. මොකද කියනව නම් ෆින්ලන්තයේ ගුරුවරයෙකු වීම සදහා පර්යේෂණ සහිත Masters උපාධියක් කර තිබීම අනිවාර්යයි. මෙයට අමතරව අවුරුදු පහක ගුරු පුහුණුව සම්පූර්ණ කළ යුතු වගේම මාස හයක හමුදා පුහුණුවක් ද සම්පූර්ණ කළ යුතු වෙනවා. ගුරුවරයෙකු වශයෙන් පුහුණු වීමේදී අමතර වශයෙන් ගිනි නිවීම, ආත්මාරක්ෂාව පිළිබද පුහුණුව හා ප්රථමාධාර පුහුණුව ආදී පුහුණුවන් ලබාගැනීම ද සිදු කළ යුතුයි.
ෆින්ලන්තයේ අධ්යාපනය දියුණු කිරීමට එරට රජය ගත් ක්රියාමාර්ග ප්රධාන තැනක් ගන්නවා. සිය රටේ සෑම රජයේ පාසලක්ම එකම මට්ටමකට දියුණු කර තිබීමත්, දරුවෙකු ඉපදීමට පෙර එම දරුවන් වෙනුවෙන් සුභසාධන ක්රමය වන Body Box ක්රමවේදය ක්රියාවට නැංවීමත් ඒ අතර ප්රධාන තැනක් ගනු ලබනවා. එරට රජය විසින් ගුරුවරුන්ට අනෙකුත් වෘත්තිකයන්ට වඩා ඉහල තැනක් ලබාදීමද ෆින්ලන්තයේ අධ්යාපන ක්රමවේදය දියුණු වීමට බලපා තිබෙන බවද හදුනාගන්නා පුළුවන්.
කොහොම වුණත් අද වන කොට ලෝකයේ දරුවන්ගෙන් 94%ක් ම උසස් අධ්යාපනය කරා යන ප්රධාන රට ව‌ගේම දියුණු අධ්යාපන ක්රමයකට උරුමකම් කියන ප්රධාන රාජ්යය බවට පත්වන්නේ අපූරු අධ්යාපනයකට උරුමකම් කියන සොදුරු ෆින්ලන්තයයි.
- සංජය අපේක්ෂ (අන්තර්ජාලය ඇසුරෙනි.)