අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ වඩාත්ම ජනප්රිය උන කතාමාලාවන් අතරින් එකක් වන ෂර්ලොක් හෝම්ස් කතා මාලාව ගැනයි.

දහනම වෙනි ශතවර්ශයේ හිටපු හොඳම රහස් පරීක්ෂකයා කවුද කියලා ඇහුවොත් ඕනම කෙනෙක්ගෙ පිළිතුර වෙන්නේ ඒ ශර්ලොක් හෝම්ස් කියලා තමයි.ඒ තරමටම ඒ චරිතය අපට වඩාත් සමීප වෙලා තියෙනවා.සර් ආතර් කොනන් ඩොයිල් විසින් තමා මේ කතාව නිර්මාණය කරේ කියලා නම් අපි කවුරුත් දන්න දෙයක්.ආතර් කොනන් ඩොයිල් ගැන කියනවා නම් ඔහු 1859 එංගලන්තයේ එඩින්බර්ග් වල දී උපත ලද අතර ඔහු එඩිංග්බරෝ වෛද්ය විද්යාලයෙන් අධ්යාපනය ලැබූ වෛද්යවරයෙක් මෙන්ම දක්ෂ ලේඛකයෙක් ද වෙනවා.අාතර් කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස්ගේ චරිතය නිර්මාණය කරන්නේ වර්ෂ 1887 දී වන අතර මේ වෙනකොටත් ඔහු එඩිංග්බරෝ වෛද්ය විද්යාලයේ ඉගෙන ගන්න වයස අවුරුදු 27 ක තරුණයෙක්.ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ පළවෙනි කතාව වෙන්නේ A study in scarlet නම් කතාව වන අතර එය රචනා කරන්න ඔහුට ගත වෙලා තියෙන්නේ සති තුනක් වගේ පොඩි කාලයක් කියලාත් කියැවෙනව.කොහොම වුණත් මේ කතාව හරහා උපත ලැබූ ශර්ලොක් හෝම්ස් කතාමාලාව පාඨකයාට හඳුන්වලා දුන්නේ Beeton's Christmas කියන සඟරාව හරහා තමයි.
කොහොම වුණත් වුණත් ෂර්ලොක් හෝම්ස් පළමු කතාව එතරම් සාර්ථක බවක් ලැබුනේ නෑ කියලා තමයි වාර්තා වල නම් සඳහන් වෙන්නේ.මේකට විශේෂම හේතුව වුණේ මෙම කතාව පල උන සඟරාව ජනතාව අතර එතරම් ජනප්රිය එකක් නොවීම බවත් කියවෙනවා.කොහොම වුනත් තවත් සඟරාවක් අයිතිකාරයෙක් වුණු ඔස්කාර් වයිල්ඩ් අහම්බෙන් වගේ මේ කතාව කියවලා ඒකේ සුවිශේෂී තැන් හඳුනා ගන්නව.ඉන් පස්සෙ දවසක රාත්රී භෝජන සංග්රහයකදී ආතර් කොනන් ඩොයිල්ට ඔස්කාර් වයිල්ඩ් හමුවී ඇති වූ කතාබහක් හරහා ශර්ලොක් හෝම්ස් දෙවන කතාව ලිවීම සිදුවුණු බව කියවෙනවා.1891 සිට ඔහු රචනා කරන ලද හෝම්ස් කතා මාලාවන් The Strad සඟරාව හරහා පළ කෙරුණා.කොහොම වුණත් ඔහු ෂර්ලොක් හෝම්ස් කතා මාලාව නවකතා හතරක් හා කෙටිකතා කෙටිකතා පනස් හයක් වශයෙන් ලියලා තියෙනවා. මේ විදියට ෂර්ලොක් හෝම්ස් චරිතයට පණ දීලා සදා ජීවමාන චරිතයක් කළ දොස්තර ආතර් කොනන් ඩොයිල් 1930 අවුරුද්දේ සැප්තැම්බර් මස 15 වැනි දින ජීවිතයෙන් සදහටම සමුගත්තා.
ෂර්ලොක් හෝම්ස් කතාමාලාව කියවද්දී ෂර්ලොක් හෝම්ස් ඇත්තටම ජීවත් වුනාද කියලා ඕනෙම කෙනෙක්ට ප්රශ්නයක් මතු වෙන්න පුළුවන්.ඇත්තෙන්ම ෂර්ලොක් හෝම්ස් චරිතය සැබෑ ලෝකයේ ජීවත් වුණා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?.
තමන්ගේ කතා මාලාවේ ප්රධාන චරිතය වන ෂර්ලොක් හෝම්ස්ගේ චරිතය ගොඩ නගන්න කොනන් ඩොයිල් පාදක කරගෙන තිබුණේ දහනමවන සියවසේ ජීවත් වූ දක්ෂ වෛද්යවරයකු වුනු දොස්තර ජෝසප් බෙල් ගේ චරිතයයි.ඩොයිල්ගේ සහ බිල් වෛද්යවරයාගේ හමුවීම ගැන කතා කරනවා නම් ඩොයිල් කාලයක් බෙල් වෛද්යවරයාගේ ලේකම් වශයෙන් කටයුතු කරපු බව කියවෙනවා.ඒ 1877 දී පමණ කාලයේ දී කියලා තමයි කියවෙන්නේ.වෛද්ය ක්ෂේත්රයේ විශිෂ්ඨයකු වූ බෙල් සෑම දෙයක් දිහාම සාමාන්ය මනුස්සයෙකුට වඩා විමසිල්ලෙන් බලා කරුණු සූක්ෂම නිරීක්ෂණය කරන පුද්ගලයෙක් විදියට හඳුනගන්න පුළුවන්.විශේෂයෙන්ම ස්කොට්ලන්ත ආරක්ෂක අංශ වලට විවිධ මිනීමැරීම හා ඝාතන සිදුවීම් ගැන රහස් හෙළි කර ගන්නත් බෙල් වෛද්යවරයා බොහෝ අවස්ථාවන්වල දී උදව් වෙලා තියෙනවා.ඒ වගේම බෙල් වෛද්යවරයාගේ සැබෑ ජීවිතය තුළ පැවතුණ සුවිශේෂී චින්තන රටාව හා බුද්ධිය මෙහෙයවීම කොනන් ඩොයිල් විසින් හෝම්ස්ගේ චරිතය නිර්මාණය කිරීමට යොදා ගෙන තියෙන බව කියවෙනවා.
මේ විදියට නිර්මාණය වුන ෂර්ලොක් හෝම්ස් කතා මාලාව ලොව පුරා ඉතා ජනප්රියත්වයට පත්වුණා. ඒ වගේම ලොව පුරා භාෂා 76ක ට පරිවර්තනය කරලත් තියෙනව.ලෝකෙ වැඩිම වතාවක් සිනමාවට නැගුන ජීවමාන චරිතය වෙන්නෙත් හෝම්ස්ගේ චරිතය තමයි. ලොව පුරා වෙබ් අඩවි වලට අනුව නම් ලොව පුරා නිර්මාණය වුණු ප්රකට සිනමා පට,රූපවාහිනී නාට්ය, වේදිකා නාට්ය 253 ක පමණ මෙම හෝම්ස්ගේ චරිතය නිර්මාණය වෙලා තියෙනවා.ලෝක මාධ්ය වලට අනුව නම් මෙම නිර්මාණය දෙවෙනි වෙන්නේ ඩ්රැකියුලා ගේ චරිතයට පමණක් බව කියවෙනවා.කොහොම වුණත් ඩ්රැකියුලා කියන්නේ ප්රබන්ධ කතාවක් විදියට පිළිගන්න නිසා වැඩිම වාර ගණනක් සිනමාවට නැඟුණේ ජීවමාන චරිතය විදිහට හෝම්ස් හඳුනගන්න පුළුවන්.
හෝම්ස් කතා මාලාව මුලින්ම සිනමාවට නැගුණේ 1916 දී.ඒ ආතර් බර්තෙලට් විසින් අධ්යක්ෂණය කරපු සිනමාපටයක් හරහා.හෝම්ස් චරිතය මුලින්ම වේදිකාගත වුණේ 1899දී ඒ ඇමෙරිකාවේ නිව්යෝක් වල ස්ටාර් තියෙටර් රංග ශාලාවේදී.ඒ වගේම පළමු රූපවාහිනී නාට්ය 1951 දී ඇමරිකාවේ බීබීසී මාධ්ය ජාලය හරහා විකාශනය වෙලා තියෙනවා.
මේ සුප්රකට කතාමාලාවේ හෝම්ස් සහ වොට්සන් ගේ නම් කතාවට ඇතුළත් කරලා තියෙන්නේ පස්සෙ කාලෙකදි.ඒ කියන්නෙ කොනන් ඩොයිල් මුලින්ම කතාව ලියද්දි හෝම්ස්ගේ චරිතය මුලින්ම නිර්මාණය කරලා තිබුණේ ශෙරින්ෆඩ් හෝප් කියන නමින්.ඒ වගේම ජෝන් වොට්සන්ගේ නම මුලින්ම ඕමන්ඩ් ස්ටැනර් විදියට තමයි නම් කරලා තිබුණේ කියලා ඔහුගේ වෙනත් ලිපි ලේඛන වල සඳහන් වෙනවා.කොහොම වුණත් ශෙරින්ෆඩ් කියන නම උච්චාරණයට අපහසු නිසා ඒ නම වැඩිය ප්රසිද්ධ වෙන්නේ නැති වෙයි කියලා හිතල තමා නම වෙනස් කරලා තියෙන්නේ.
මේ ශර්ලොක් කියන නමත් කොනන් ඩොයිල්ට නිකන්ම ආව අදහසක් නම් නෙමෙයි.මේකට හේතු උන කතාවකුත් තියෙනවා.මේ කාලයේ වෙනකොටත් එංගලන්තයේ තුළ ක්රිකට් ක්රීඩාව ඉතාම ජනප්රිය තත්වෙක පැවතිලා තියනවා.කොහොම වුණත් ක්රිකට් ක්රීඩාවේ හොඳ රසිකයෙක් උන කොනන් ඩොයිල් ඒ කාලේ ක්රිකට් පිලේ හිටපු දක්ෂ ක්රීඩකයෝ දෙන්නෙක් වෙන ශර්වින් හා ෂැක්ලොක් කියන දෙන්නගේ නම් වලින් කෑල්ල කෑල්ල අරගෙන තමා ශර්ලොක් කියන නම හදලා තියෙන්නේ.
ෂර්ලොක් හෝම්ස්ගේ චරිතයට ආදරේ කරන ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් ෂර්ලොක්ගේ ලිපිනය මොකක්ද කියලා බේකර් වීදියේ 221B කියලා නිසැකයෙන්ම කියනවා. ඔයාල දන්නවද දැනට ලෝකේ වැඩිපුරම ජනප්රිය වුණ ලිපිනය විදියට හඳුන්වන්නෙත් මේ ලිපිනය තමයි.අද වෙනකොට නම් මේ ලිපිනයේ තියෙන්නේ හෝම්ස් නමින් ඉදි වුණු කෞතුකාගාරය තමයි.චරිතයක් වෙනුවෙන් ලෝක නිර්මාණය වුණු පළවෙනි කෞතුකාගාරය වෙන්නෙත් මේකම තමයි.මේක ආරම්භ කරල තියෙන්නෙ 1990දී කියලා තමා වාර්තා වෙන්නේ.මේකෙ ලිපිනය 221 B විදියට නම් කරල තිබුණත් මෙහි ඇත්ත ලිපිනය වෙන්නේ නම් 237 කියලත් කියනවා.
ලෝකෙ ඉන්න විවිධ පුද්ගලයන්ගේ කැමැත්ත එකින් එකට වෙනස් වෙනවානේ.ඉතිං ෂර්ලොක්ගේ චරිතයට ආදරේ කරන ඔයාලත් වැඩිපුරම ආසා කරන් කතාවක් මේ කතා මාලාවේ තියෙන්නෙ පුළුවන්.
අද වෙනකොට ලෝකේ පුරා රටවල් ගණනාවක වැඩිපුරම ජනප්රිය වෙලා තියෙන ෂර්ලෝක් හෝම්ස් කතාව වෙන්නේ The adventure of the speckled band හෙවත් ලප සහිත පටියේ අභිරහස කියන කතාව තමයි.
මේ සුප්රසිද්ධ කතා මාලාවේ හඳුනගන්න ලැබුණ තවත් සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා.ඒ තමයි ෂර්ලොක්ගේ සහෝදරයා විදියට හඳුන්වන මයික්රොෆ්ට් හෝම්ස්ගේ චරිතය මේ කතා මාලාවේ කතා දෙකකට විතරයි ඇතුළත් කරලා තිබුණේ.ඒ උනත් රූපවාහිනී කතා මාලාව තුල නම් ඔහුව නිරන්තරයෙන්ම දකින්නට ලැබුනා කියලා තමා වාර්තා වෙන්නේ.
දිගින් දිගටම කතා ලියලා ලියලම ගොඩක් මහන්සි උන හින්ද කොනන් ඩොයිල්ට විවේකයක් අවශ්ය වෙලා තියනවා.මේ හින්දම ෂර්ලොක් හෝම්ස් මරණයට පත් කරන්න ඔහු තීරණය කරනවා.ඊට පස්සේ The Final Problem නම් කතාව රචනා කරන ඔහු ඒකෙ ප්රතිවාදියා අතින් හෝම්ස් ඝාතනය වන බව කියමින් කතා මාලාව ලියලා අවසන් කළා.තමන්ට විවේකය අවශ්ය නිසා ඔහු කතාව ලියලා අවසන් කරත් ෂර්ලොක් හෝම්ස්ගේ චරිතයට ආසා කරපු පාඨකයෝ නිසා ඔහුට නිදහසේ ඉන්න නම් හමුවුණේ නැහැ.විශේෂයෙන්ම මේකෙන් ලොකුම පාඩුව වුණේ මේ කතාමාලාව පලවුන සඟරාවට.හෝම්ස් කතා මාලාව නිසා මේ සඟරාව වටා එක් රොක් වෙලා හිටපු හුඟක් මිනිස්සු මේ හේතුව නිසා සගරාවෙන් ගිලිහිලා යන්න ගියා.ඒ හේතුව නිසා ඔවුන්ට විශාල පාඩුවක් විදින්න වුනා.මෙන්න මේ හේතුව හින්දම සඟරාවේ අයගේ දැඩි ඉල්ලීම නිසා ආයෙත් කතාව ලියන්න කොනන් ඩොයිල්ට සිද්ධ වුණා.ඉතිං මේ හරහා වසර 8ක විරාමයකින් පස්සේ 1901 දී ආයෙත් හෝම්සට පණ දෙන්න කොනන් ඩොයිල් තීරණය කරා.
ඉතිං ඔන්න ඔය විදියට තමයි අපි ගොඩක් ආදරේ කරන ශර්ලොක් හෝම්ස කතාමාලාව රචනා වුනේ. තවත් දවසක මේ වගේම රසවත් ලිපියකින් හමුවෙමු.
-- සෞම්යා දිල්රුක්ෂි රාජපක්ෂ