අද අපි travel කරන්න යන්නෙ කොයි කවුරුත් දන්න කියන විශේෂ තැනක් වන අම්බුලුවාවේ.

අම්බුලුවාව පිහිටලා තියෙන්නේ මහනුවර දිස්ත්රික්කයේ ගම්පළ ප්රදේශයේ. අම්බුලුවාව මුහුදු මට්ටමේ ඉදන් අඩි 3500 පමණ උසයි. අම්බුලුවාව කන්ද පාමුල ඉදන් මුදුනට 2 - 3 km ක පමණ දුරක් තියෙනව. තමන්ගේම වාහනෙක යනව නම් කදු මුදුනට යන්නත් හැකියාව තියෙනවා. ඒ වගේ ම යාලුවෝ එක්ක කතාවක් දාගෙන පයින් යන්නත් පුලුවන් . සිතල සුළඟ එක්ක ගහකොළ වලින් වටවුණ පරිසරිය නිසා මහන්සි දැනෙන එකක් නම් නැ කොහොමවත්. අම්බුලුවාව කියන්නේ සර්ව ආගමික බැතිමතුන් සදහා පන්සලක්, කොවිලක්, ක්රිස්තියානි දේවස්ථානක් සහ මුස්ලිම් පල්ලියක් නිර්මාණය වෙලා තියෙන තැනක් විදිහට ප්රසිද්ධ යි. ත්රාසජනක අත්දැකීම් ගන්න නම් යන්නම ඔනි තැනක් තමයි අම්බුලුවාව කියන්නේ.
අම්බුලුවාව සෑය විශේෂත්වය වෙලා තියන්නේ මුදුනට යාමට සැකසුන පඩි පෙල නිසා. මුදුනට ම යන්න ඔනි නම් සැය තුළින් වගේ ම පිටතින් යන්නත් ඔනේ.හැබැයි ඔයාට ඕනේ ත්රසජනක අත්දැකීමක උපරිමය නම් සැයේ පිටතින් සම්පූර්ණ ගමන ම යන්න. එන්න එන්න ම පඩිපෙල අවසන් වෙන්නේ පඩි සිහින් වෙලා වගේ ම සැයේ බිත්තිය හා අත් වැට අතර හිඩස වසා දමලා.
අවසන් අඩි කීපය නගිනකොට නම් තැනින් තැන ඇති කුටිවලට වෙලා ඉන්නත් වෙවී. මුදුනේ ඉදන් එන අයට වගේ ම පහල ඉදන් එන්නන්ට මාරු වෙන්නට .
මුදුනට නැග්ගා ම මුලු පලාතම පෙනවා හරිම ලස්සනට. එත් පරිස්සමෙන්. වැස්ස ,සුළඟ නිසා පරිස්සම් වෙන එක කාටත් හොඳයි.
-- Travel කළේ
ධනු කුලතුංග
ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.