ඔබත් සිහින දකින්නෙක් ද? ඔබෙත් හැබැවුණ නොවුණ සිහින තියෙනවද?ඒ සිහින අපටත් කියන්න කැමති ද? එසේ නම් එන්න කියවන්න සිහිනයකට පාර කියන සිහිනි එක්ක ලස්සනම හීන දකින්න වගේම ඒවා හැබැ කර ගන්නත්....

ඔයාලා දන්නවද ලෝකයේ කෙතරම් චිත්රපට තියෙනවා ද කියලා.අපට සමාජයේ නිතරම ඇහෙන්නේ හොලිවුඩ් බොලිවුඩ් යනාදි ලෙස ප්රචලිත වුවට ඇයි ලංකාවේ හෙළවුඩ් කවුරුත් නොදන්නවා කියන්නේ.ඔය මොනව කීවත් ලංකාවේ නම ගෝලීය වශයෙන් ඉදිරි ගමනකට මග පෙවු බෝහෝ දෙනෙක් ඉන්නවා.මෙයාලා ගොඩක් අයව වැලද ගත්තේ දේශීය අයට වඩා විදේශීය අයයි.මොකද විදේශීය උසස් සම්මාන පවා ලබා ගන්න තරම් මෙකී සිහින දකින අය මුළු ලෝකයක්ම සිහිනයක් සැබැ කර ගැනීමක් හරහා මතු බලාපොරොත්තු තැබිය හැකි මට්ටමට එනවා.ඉතින් අද මං හිතුවා.අපේ සිහින ලිපි පෙලින් ඒ අය ගැන සහ ඒ නිර්මාණ ගැන කතා කරන්න.
මෑතකාලීනව දේශීය සිනමා වසන්තයෙන් ඔහුගේ කය පමණක් නික්ම ගිය නාමය හා ඔහුගේ සිනමා වත දේශීය විදේශීය ප්රේක්ෂකයන්ට දායාද කල ප්රවීණ චිත්රපට අධ්යක්ෂක ලෙස්ටර් ජෙම්ස් පීරිස් නම් ඒ කෘතහස්ත චරිතය ඔබට සිහි ගැන් වෙන්වා ඇති.ඔහු නිර්මාණය කල චිත්රපට අතර ලංකාවේ ප්රථම මැදිරියකින් පිටත රූගත කල රේඛාව දේශීය සිනමාවට නැවුම් හැඩයක් මුසු කලේය.එමෙන්ම ඔහුගේ නිර්මාණ අතර නිධානය, ගම්පෙරළිය ,විරාගය කැපී පෙනෙන්නට විය.
ප්රවීණ සිනමාවේදින්ට නොදෙවිණි වුණු තරුණ සිනමාකරුවෝ ද වෙත්.ඉන් කිහිපදෙනෙකු හදුනා ගැනීම තාරුණ්ය තුළ සිහින දකින එකී සිහින විදින හදුනානොගත් අනාගත සිනමාකරුවා ජීවත් වී සිටිය හැකිය.ඊට මත්තෙන් එකී තරුණ සිනමාකරුවෝ හදුනාගත යුතුය.මෙකී සිනමාකරුවන් තමන් අත්විදි පෞද්ගලික අත්දැකීම් අනෙකාගේ අනුභූතින්ට අනුව සමාජ ප්රශ්න තුළ වෙසෙමින් එකී අරගල තුළ ගත කළ ජිවිතය මනාව කියාපායි.ඒ අය ලෙස විමුක්ති ජයසුන්දර,අසෝක හඳගම,සංජීව පුෂ්පකුමාර යනාදීන් ද ලංකා බණ්ඩාරනායක,තරිඳු රාමනායක,නෙරුන් කල්පජිත්,හිලුෂ හේවාගම යනාදීන් ද එක් කළ හැකිය.
මෙහිදි අද සිහිනි බලාපොරොත්තු වෙන්නේ තරිඳු රාමනායක නම් සිනමාකරුවාගේ කෙට් චිත්රපට තුලින් එක්තරා සිහිනයකට පාර කියන්න ය.එම චිත්රපටය Krimikosh ලෙස නාමකරණය කර ඇත.මෙම චිත්රපටය පුරාවටම ඔබ එහි සෞන්දරයාත්මකභාවයට කුතුහලයෙන් බද්ධ වනවා නිසැක ය.
සිනමාකරුවා ඉන්දියානු ජනසමාජය හා එරට ජනතාවගේ චිත්ත ස්වභාවය මානව සම්බන්ධතා මනා ලෙස විවරණය කරමින් අපූර්ව මාවතකට රැගෙන යයි.උපතින්ම දරුවකු තම මවගේ කිරි උරා බොන්නේ එම දරුවා මව තුළින් විශ්වය දැකීමට මවගේ මගපෙන්වීම ලබා දෙමින් ය.එහිදි මවක් තම පුතුට හෝ දුවට තම රුධිරය කිරට හැරවීම මගින් ලබා දෙන ජීවිතය අප කොතෙකුත් දැක ඇද්ද? එහෙත් තරිඳු රාමනායක නම් අධ්යක්ෂකවරයා මෙකී කෙටි චිත්රපටය හරහා මව පුතා අතර සම්බන්ධය සංස්කෘතිය වශයෙන් යම් ගැටලුවක් මතට ගෙන එන්නේ කුඩා කල මවගෙන් කිරි උරා බී නමුත් පාසල් යන හැඩිදැඩි පුතාට තම තන පුඩුව උරා බීමට ඉඩ සැලස්වාලමින් ය.මෙය සංස්කෘතික වශයෙන් එකී සමාජය ප්රශ්න කරන ලිංගිකත්වය හා මානව සම්බන්ධතා ප්රශ්න කිරීමක් ය.
එමෙන්ම ස්වභාවික පරිසරය හරහා එකී ජීවිත ඝට්ටනයට ඉඩ සලස්වන්නේ නිරුවත සමග සංකලනය වීමට ඉඩ සලසාලමින් ය.මව පියා වශයෙන් දක්වන අඹුසැමි සබදතාව එකී පුතාගේ ශරීරය සමග සම්බන්ධ කරමින් දකුණු ආසියානු ජන සමාජයේ මුල් බැසගත් ලිංගිකත්වය ඇතී සීමාකම් කියාපන්නේ පණ ගැසෙන මාළුන්,පියෙටා මූර්තිය,දළඹුවා සහ නිල් කොළ රතු වර්ණ යනාදි සංකේත භාවිතයෙන් ය.සත්ව චර්යාවන් සහිත රූප රාමු දෙස එම පිරිමි ළමයා බලා සිටීම ,පණ ගසන මාළුන් මෙන්ම කපා දමන ලද මාළුන් තුළින් ජීවිතයේ අනිත්ය පෙන්වීමට උත්සාහ දැරීම,පණ තිබෙන ජීවමාන ශාකය මගින් ජීවයේ උපත ස්වභාවික සිදුවන ක්රියාකාරිත්වය සමාජය හා යා කිරීම අතිශය සෞන්දර්යාත්මක රූප රාමු හා සිය සංරචන කාර්යය තරිඳු රාමානයක නම් තරුණ සිනමාකරුවා මනාව සංයෝජනය කර ඇත.
පාරිසරික හරිත වර්ණය දළඹුවකුගේ ජීවන චක්ර කියාවලිය හා එකී දළඹුවා සමනලයකු වී පියාඹා යෑම පසුබිම් හැඩ ගැන්වීම එක් සිද්ධියකින් තවත් සිද්ධියකට ප්රේක්ෂක දෑස් කුතුහලය සොයා හඹා යෑම කැමරා චලනය, ආලෝකකරණය, රූපරාමු නිර්මාණය මෙකී නිර්මාණය සාර්ථකත්වය කරා රැගෙන යාමට සමත් කරවා ඇති අයුරු ඔබට එම සිනමා නිර්මාණය රසවිදිමින් විමසා බැලිය හැකිය. සිනමා රූප සංරචනය මගින් තමා තෝරා ගන්නා රූප රාමුව තුළ අරමුණු ස්ථානගත කරන ආකාරය ,පසුබිම් භාවිතා කරන ආකාරය,අලෝක භාවිතයේ සමබරතාව වැනි දෑ අධ්යක්ෂකවරයා විසින් තම හැකියාව යොදා ගනිමින් රූප සෞන්දර්යාත්මක ලෙස එකී සිනමා නිර්මාණය ප්රබලත්වයකට රැගෙන යාමට ඉඩ සලසනු ඇත..
මම හිතනවා ඔයාලා මන් අද කිව්ව මේ Krimikosh කෙටි චිත්රපටය රසවිදිිිින්න කැමැත්තක් ඇති වෙන්න ඇති කියලා. ඉතින් දැන් මේ ලිපිය කියවන ඔයත් ආසාවෙන් ඇති මෙවෙනි නිර්මාණ තම ජීවිතයේ කිනම් හෝ දවසක අත් හදා බලමින් සිනමාකරුවකු වීමේ තම සිහිනය හැබෑ කර ගන්න.සිහිනිට අනුව නම් අපි දකින විදින විදීමට ලක් වු සිහින දුෂ්කරය කියා හැර දා ගත යුතු නැත එම දුෂ්කර සිහින කටු පොකුරු සිපගන්නාක් ලෙස සිප ගනිමින් අනාගතයට ආයෝජනයක් කළ යුතුය.
සිහිනි එක්ක හැමදාම මෙහෙම සිහින දකින්න එනව නම් මේ ලිපිය කියවන ඔබලාගේ සිහින ලගා කරගන්න පුළුවන් වෙයි.ඉතින් සිහිනයකට පාර කියන සිහිනි එක්ක මේ විදිහට අද ඉදන් එකතු වෙන්න.
-මම සිහිනි.(ගයත්රි ධනංජනි)