මිත්යාව එහෙමත් නැත්නම් මිථ්යා මතවාද, අන්ධ භක්තිය කියන්නේ මනුස්සයෙක් විනාශය කරා ගෙනියන්න පුළුවන් එක මාර්ගයක් කියලා පෙන්නලා දෙන්න පුළුවන්.අපි කොයි කවුරු වුණත් තමන්ගේ ආගමක් ධර්මයක් අදහනවා.අපේ රටට, සංස්කෘතියට, සමාජයට වගේම විවිධ සාධකවලට අනුව අපි අදහන ආගම වගේම එහි දර්ශනයත් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්.ඒ කොහොම උනත් බොහෝවිට ආගමික මතවාදයක් හරහා සිදු කෙරෙන්නේ සමාජයක් යහපත් මාර්ගයට ගැනීම සඳහා කටයුතු කරන එක වුණත් වුනත් විවිධ ආගම් හරහා පැතිරෙන මිත්යා විශ්වාස හා අන්ධ භක්තිය වගේ දේවල් නිසා මිනිසුන්ගේ ජීවිත අගාධය කරා යන අවස්ථා අද සමාජයෙන් ඇති තරම් දැක ගන්න ලැබෙනවා.ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒ විදියට අන්ධ විශ්වාසයන් නිසා ජීවිතයට විනාශය ළඟා කර ගත්ත එක්තරා කාන්තාවක් ගැන.

ඇය නමින් ලියනාඩා.ඉතාලි ජාතික කාන්තාවක් වෙන මේ ලියනාඩා ඉතාලියේ පලවෙනි සීරියල් කිලර් විදිහට හඳුනගන්න පුළුවන්.ඒත් ඉතින් මේ කාන්තාව නම් සාමාන්ය සීරියල් කිලර් කෙනෙකට වඩා වෙනස්.ඒ ගැන දැන ගන්න නම් ඔයාලට මේ ලිපිය දිගටම කියවන්නම වෙනවා.

1894දී ඉතාලියේ උපත ලද ලියානාඩාගේ ඉපදීම උනෙත් ඉතාම අවාසනාවන්ත විදිහට තමා.ඒ කියන්නේ එක්තරා පුද්ගලයෙක් ලියානාඩාගේ මවට බලත්කාරකමක් කිරීමෙන් තමා ඇගේ කුසට ලියානාඩාව ලැබෙන්නෙ.ඉතිං තමන්ට බලහත්කාරකම් කරපු ඒ පුද්ගලයව විවාහ කර ගන්න නම් මේ කාන්තාව නම් පොඩ්ඩක්වත් කැමති නැති උනත් ගමේ උදවියගෙ කයි කතන්දර වලින් නම් බේරෙන්න මෙයාට බැරි උනා.ඉතින් දිගින් දිගටම ඇහෙන මේ කතා වලින් බේරෙන්න ඕනි නිසා ලියානාඩාගේ මවට තමන්ට බලහත්කාරකමක් කරපු ඒ පුද්ගලයව විවාහ කරගන්න සිද්ද උනා.මෙයාලගෙ පවුල් ජීවිතේ ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.තමන්ගෙ ලොකුම හතුරා වගේම තමන් මේ ලෝකෙ වැඩියෙන්ම අප්රිය කරන පුද්ගලයව විවාහ කරගත්ත ඒ කාන්තාවගෙ ජීවිතේ නම් සතුට කියන දේ පොඩ්ඩක්වත් ගෑවිලා තිබුණේ නෑ .හැමවෙලේම රණ්ඩු සරුවල් මැද්දෙ තමයි මේ පවුලේ කාලෙ ගෙවුනෙ.මේ විදියට සැමියාගෙන් එල්ලවෙන පීඩනයේ පිටකරන්න ලියානාඩාගේ අම්මා තෝරගත්තේ තමන්ගේම දරුවාව.ඒ කියන්නේ සැමියාගෙන් එල්ල වන පීඩාවන් ඇය පිට කරේ ලියානාඩාට ගහල හරි බැනල හරි තමා.මෙන්න මේ වගේ කණගාටුදායක දුක්බර ළමා කාලයක් තමා ලියානාඩාට තිබුණේ.

කොහොමින් කොහොමින් හරි මේ දුක් කරදර මැද්දේ ලියානාඩා තරුණ වයසටත් එනවා.ඉතිං ආර්ථික ප්රශ්න හා දුක් කම්කටොලු ගොඩක් මැද ජීවත් වුණ ලියානාඩාගේ අම්ම හිතනවා තමන්ගේ ඔක්කොම ප්රශ්න වලට විසඳුමක් දුව හරහා ලබාගන්න.ඇත්තෙන්ම එයාගෙ කපටි මොළේට කල්පනා වුණා අදහස තමා තමන්ගේ දුවව හොඳ සල්ලි කාරයෙක්ට බන්දලා දීලා මුළු පවුලම ගොඩ යන එක.ඉතින් තමන්ගේ පවුල රට වටේටම තියෙන ණය වලින් නිදහස් වෙන්න හොඳම මාර්ගය තමා තමන්ගේ දුවව ඇමට දාලා සල්ලිකාරයෙක්ව අල්ල ගන්න එක කියල ඇයට හිතුණා.හැබැයි ඉතින් මේ වෙනකොටත් ලියානාඩා සාමාන්ය රැකියාවක් කරන වෙනත් තරුණයෙකු සමග ආදර හුටපටයක පැටලිලා තමා ඉඳලා තියෙන්නේ.මේ උනාට අම්මා නම් නිතරම ඔහුව අමතක කරලා සල්ලි කාරයාට කැමති වෙන්න කීවත් ඇය නම් ඒකට පොඩ්ඩක්වත් කැමැති වුණේ නෑ.දිගින් දිගටම අම්මාගේ කරදර ඉවසන්න බැරි නිසා නිවෙසින් පිටවෙලා යන්න ලියානාඩා තීරණය කරනවා.ඉතින් මේ විදියට එයා නිවසින් පිටවෙලා යන කොට අම්ම එයාට සාප කරනවා.ඔයාට කවදාවත් සතුටින් නම් ඉන්න ලැබෙන්නෙ නෑ කියලා.

ඇත්තටම කියනවානම් අම්ම කෙනෙක්ගෙ ආශිර්වාදයක් තරම් දරුවෙක්ට වටින තවත් ආශිර්වාදයක් නෑ .ඉතිං මේ ලියානාඩාට තමන් නිවසින් යද්දි ආශිර්වාදයක් වෙනුවට අම්මගෙන් ලැබුනෙ නම් ශාපයක්.ඉතිං මිත්යාව පිළිබඳව දැඩි විස්වාසයකින් හිටිය ලියානාඩාගෙ ඔළුවේ හැමදාමත් අම්මා කීවේ ඒ වචන ටික දෝංකාර දෙන්න පටන් ගත්තා.ඉතින් මේක එයාගේ ඔලුවට ලොකු හිසරදයක් වුන නිසාම මෙයා ජ්යොර්තිෂ්යවේදීන් කීපදෙනෙක්ම හම්බවෙන්න ගියේ හිත නිදහස් කරගන්න හිතාගෙන තමයි.

හිත නිදහස් කරගන්න හිතාගෙන ගියාට මොකද ඒකෙන් වුණේ නම් එයාගේ ඔළුවට තවත් ප්රශ්න වැඩි වුන එක කිව්වොත් නම් වැරැද්දක් නෑ.

එක ජ්යොර්තිෂ්යවේදියෙක් නම් ලියනාඩෝගේ අනාගතය ගැන බලද්දි මට නම් ඔයාගෙ අත බැලුවම පේන්නේ බන්ධනාගාරයක් තමා කියල කීව.ඒ වගේම තවත් ජ්යොර්තිෂ්යවේදියෙක් කියනවා ඔයාට නම් කවදාවත් සතුටින් ඉන්න ලැබෙන්නෙ නෑ කියල.අම්ම කරපු සාපෙ ගැන කියල තමන්ගෙ අනාගතේ ගැන අහගන්න ගියපු තැන් වල අයත් හුගක් ජ්යොර්තිෂ්යවේදි වගේම කරේ ඌරගෙ මාලු ඌරගෙ පීටේම තියල කපනව වගේ වැඩක් තමයි.
කොහොම උනත් මේ හැමෝම කීව දේවල් නිතරම වගේ ලියානාඩාගෙ ඔලුවෙ වැඩ කරා.
කොහොම උනත් ලියානාඩා එයාගෙ ආදරවන්තයා එක්ක විවාහ වෙලා පිට ගම් පළාතකට ගිහින් ජීවත් උනා.මේ ගමෙන්ම රස්සාවල් දෙකක් හොයාගන්න මේ දෙන්නට පුළුවන් උනා.ඒත් ටික කාලයක් යනකොට එක පුද්ගලයෙක් පෞද්ගලික තරහක් හේතුවෙන් ලියානාඩාව බොරු හොරකමකට අහු කරලා ඇයව බන්ධනාගාර ගත කරනවා.කොහොම හරි ඒකෙනුත් නිදහස් වෙලා ආව ලියානාඩා තමන්ගෙ සැමියත් එක්ක ඒ ගමෙනුත් ගිහින් වෙන ගමක ජීවත් වෙන්න හිතුවා. මේ විදියට විවිධ හේතු කාරණා හින්දා එයාලට කීප වතාවක්ම පදිංචිය මාරු කරන්නත් සිද්ධ වුණා.මේ හැම දේකදිම එයාගේ ඔළුවේ වැඩ කරේ අම්මා කරපු සාපෙ ගැන තමයි.
මේ අතරතුර කාලෙදි 17 වතාවක්ම මවක් වෙන්න අවස්තාව ලියානාඩාට උදා උනත් ඒකෙදිත් තුන් වතාවක්ම ස්වාභාවික ගබ්සාවීම් වලට ලක් වෙන්න එයාට සිද්ධ උනා.ඒ වගේම ලමයි 10 දෙනෙක්ම කුඩා කාලෙදිම විවිධ හේතූන් නිසා මරණයටත් පත් වුණා වගේම අවසානෙදි එයාලට ඉතුරු උනේ නම් ලමයි 4 දෙනෙක් විතරයි. ඉතින් මේ විදියට කාලෙ ගෙවෙද්දි මේ පවුල තවත් ගමකට ගිහින් එහෙ තේ කඩයක් දාගෙන ජීවිතේ ගැට ගහගන්න පටන් ගත්තා.මේ කඩේ සාමාන්යයෙන් තේ කඩේක වගේ කාලා තේ බීල විතරක් නම් ගියේ නෑ තවත් විශේෂයක් මේකෙ තිබුණා.ඇත්තෙන්ම කීවොත් මිනිස්සු තමන්ගෙ දුක් කරදර ප්රශ්න ගැන ලියානාඩෝ එක්ක කීවම ලියානාඩා ඒව විසදගන්න පොඩි පොඩි උපදෙස් දීමත් කරල තියෙනව.ඒ වගේම එහෙම උපදෙස් ලබා දීම වෙනුවෙන් එයා යම් කිසි මුදලක් අය කරලත් තියෙනවා.
මේ වැඩේ දිගටම කරගෙන යනකොට දවසක් වයස අවුරුදු 50ක විතර කාන්තාවක් ලියානාඩාව හම්බෙලා කියනව මට දැන් විවාහ වෙන්න ඕනි ඔයාට පුළුවන්ද මට ගැලපෙන සහකාරයෙක් හොයල දෙන්න කියල.ඉතින් මෙ ගැනත් කල්පනා කරපු ලියානාඩා මං ඔයාට හොද සහකාරයෙක් හොයල දෙන්නම් ඔයා මට ඒකට ගෙවන්න කියලත් කියල තියෙනව.ඉන් පස්සෙ ලියානාඩා මෙම කාන්තාව එක්ක විවාහ වෙන්න කැමති පිරිමියෙක් ඉන්නවා කියල නමක් හා ලිපිනයක් ඒ කාන්තාවට දීල තියෙනව.
කොහොම හරි ඒ කාන්තාව අර ලියානාඩා දීපු ලිපිනයට සමග ලියුම් හුවමාරු කරන්නත් පටන් අරන් තිබුණා.ඇත්තටම මෙතනදි ලියානාඩා කරල තියෙන්නෙ බොරුවක්.ඇය අර වයසක කාන්තාවට පිරිමි කෙනෙක් ගැන බොරුවක් කියලා බොරු ලිපිනයක් තමයි දීල තියෙන්නෙ.ඒ විදියට වයසක කාන්තාව එවන ලිපි වලට පිලිතුරු ලිපි සපයලා තියෙන්නෙත් ලියානාඩා විසින්ම තමයි.
ඔහොම කාලයක් ගත වෙනකොට ඒ වයසක කාන්තාව දවසක් ඇවිල්ල ලියානාඩාට කියනව මං අර පිරිමි පුද්ගලයා එක්ක විවාහ වෙන්න තීරණය කරා කියල.ඉතින් මේ වෙලාවෙදි ලියානාඩා ඒ කාන්තාවට උපදෙස් දෙනවා එහෙනම් දැන් ඔයා ගෙදර ගිහින් ඔයා මේ පුද්ගලයා එක්ක විවාහ වෙනව කියල ඔයාගෙ නෑදෑයින්ට ලියුම් යවල එන්න කියලා ඒ කාන්තාව පිටත් කරල යවනව.ඉතින් තමන්ගෙ නෑදෑයින්ව දැනුවත් කරල ගෙදරින් පිට උන මේ කාන්තාව නම් ආයෙමත් කාටවත් දැකගන්න නම් ලැබුණේ නෑ .ඉන් පස්සෙ අවස්තාවකදීත් ලියානාඩා මේ විදියටම තවත් කාන්තාවක්ව රවට්ටල තියෙනව.
තවත් වතාවකදී මේ විදියටම කාන්තාවකට රැකියාවක් හොයල දෙන්න ලියානාඩා පොරොන්දු වෙලා තියෙන්වා.ඉන් පස්සෙ රැකියා ස්ථානයකින් ලිපියක් එවනවා වගේ ලියානාඩා විසින් මේ කාන්තාවට ලිපියක් යවනවා රැකියාවක් සදහා ඇයව තෝරගත්තා කියලා.ඒ විදියට බොරුවක් කරලා ඒ කාන්තාවවත් ගෙන්න ගන්න ලියානාඩා සමත් උනා.ඉතින් රැකියාවක් කරන්න කියලා නිවසින් පිට වුණ මේ කාන්තාව අතුරුදන් උනා කියල ඇයගේ නෑදෑයින් පොලීසියට දැනුම් දෙනවා.
ඔන්න ඔය අතරතුර කාලෙදිම ලියානාඩාගෙ කඩෙන් දුගඳක් හමනවා කියලා මිනිස්සු එයාට චෝදනා කරනවා.ඒ උනත් එයා ඒ ගැන වැඩි සැලකිල්ලක් නොකරපු නිසාම එක පුද්ගලයෙක්ට මේ ගැන ලොකු සැකයක් ඇති වෙලා ඒ ගැන පොලීසියට පැමිණිල්ලක් කරනවා.
කොහොම හරි මේ ගැන විමර්ශණය කරන්න ආව පොලිස් නිලධාරීන්ට අතුරුදහන් උණ කාන්තාවන්ව හොයා ගන්න බැරි උනත් ඒ අයගේ ඇදුම් සපත්තු බෑග් වගේ දේවල් ලියානාඩාගෙ ලග තිබිලා හොයාගන්න පොලීසියට පුළුවන් උනා.
ඉතින් මේ සිදුවීම නිසා ලියානාඩාව පොලීසිය විසින් අතඩංගුවට ගත්තා.ඉන් පස්සෙ සිද්ධ උන සියල්ලම ලියානාඩාගෙ කටින් එලියට ගන්න් පොලීසිය සමත් උනා.
මගේ ජීවිතේ මට කවදාවත් සතුටින් ඉන්න බැරි වෙන්න මගෙ අම්මා මට සාපයක් කරා. ඒ සාපෙන් මිදිලා සතුටින් ඉන්න නම් මිනිස් ජීවිත බිලි දෙන්න ඕනි කියලා එක ජ්යාර්තිශවේදියෙක් මට කීව ඒක නිසා මං මිනිස්සුන්ව මැරුවා කියල තමයි ලියානාඩා පාපොච්චාරණය කරේ.
හැබැයි ඉතිං මේ විදියට මිනිස්සුන්ව මරල විතරක් නම් ඇය නවතින්නෙ නෑ .ඒ මිනිස්සුන්ගෙ ලේ එකතු කරලා තේ හදන්න යොදාගත්තා වගේම මස් වලින් කේක් වගේ තවත් කැවිලි ජාතිත් ඇට කටු වලින් සුප් වගේ දේවලුත් හදලා තමන්ගෙම කඩේ අලෙවි කිරීම් කරපු බවත් ලියානාඩා කියනවා.ඇත්තටම මේ විදියට කෑම හදන්න හේතුව වෙලා තියෙන්නෙ ඇය විසින් මරපු මිනී කොහේ හරි ගිහින් දැම්මොත් පොලීසියට අහු වෙන නිසයි.
මේ මිනී මැරුම් සේරම තමන් තනියම කරපු බව ලියානාඩා කීවත් කාන්තාවකට තනිවම මේ වගේ දෙයක් කරන්න බෑ කියල පොලීසිය සැක කරපු නිසාම මියගිය පුද්ගලයෙක්ගේ සිරුරක් ඇයට ලබා දීල ඒකත් කලින් මිනී වගේ කෑලි කරන්න කියල කියනවා.ඉතින් පොලීසියෙ අයටත් අදහගන්න බැරි විදියට ලියානාඩා අර මිනිය කෑලි කරන්න අරන් තියෙන්නෙ විනාඩි 12ක් වගේ පොඩි කාලයක් තමයි.
මේ විදියට අමානුෂික විදියට කාන්තාවන් 3 දෙනෙක් ඝාතනය කිරීමේ වරදට ඇයට වසර 30ක සිර දඩුවමක් ලැබෙනවා.ඉතින් බන්ධනාගාරෙ ඉන්න කාලෙදි ඇය විසින් තමන් ඒ ඝාතන කරපු විදියත්.ඒ සිරුරු වල කොටස් වලින් කෑම ජාති හදපු විදියත් ගැන පොතකුත් ලියල තියෙනව කියල තමා කියවෙන්නෙ.
කොහොම උනත් අවසාන වශයෙන් නම් ඇය කියල තියෙන්නෙ අම්ම කරපු සාපය තමන්ගෙ ජීවිත කාලෙටම බලපෑව වගේම ජ්යෝර්තිෂවේදියෝ කියපු කතාවලුත් ඇත්ත උනා කියල තමා.
මිත්යා මතයන්ගේ ඕනවට වඩා එල්බගෙන සිටීම නිසා ඒ දේවල් වලින්ම පීඩාවට පත් වෙලා තමන්ගෙ ජීවිතයම විනශයට ලක් කර ගත්ත මේ කාන්තාවගේ කතාවෙන් නම් අපේ ජීවිත වලට ගන්න ලොකු ආදර්ශයක් තියෙනවා.සාපයක් සාපයක්ම වෙන්නෙ ඒ ගැන ඕනවට වඩා හිත හිත හිතින් දේවල් මවාගත්තහම විතරක් බව leonadar ගේ ජීවිත කතාවෙන් අපට තේරුම් ගන්න පුලුවන්.
Leonadarගේ ජීවිත කතාව අළලා ලෝක සිනමාව තුළ සිනමාපට පවා අද වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා.
සටහන - සෞම්යා දිල්රුක්ෂි රාජපක්ෂ