විලාසිතා යනු ඔබ මා බොහෝ සෙයින් ඇලුම් කරන ක්ෂේත්රයකි. විවාහ මංගල උත්සව ,ප්රිය සම්භාෂණ ආදී ජීවිතයේ නොයෙක් කඩයිම්හීදී විලාසිතා කිරීමට අපි කැමැත්තෙමු . විලාසිතා අනුගමනය කිරීමේදී විවිධ වර්ගයේ ඇඳුම් සහ උපකරණ පැලදීමෙන් අන් අයගේ ඉදිරියේ වෙනස් හා ආකර්ෂණීය පෙනුමක් ලබා ගැනීම සඳහා විලාසිතාවන් අනුගමනය කිරීම හා විවිධ වර්ගයේ ඇඳුම් උපාංග පැළඳීමෙන් අන් අය ඉදිරියේ වෙනස් ආකර්ෂණීය පෙනුමක් ලබාගැනීමට වර්තමානයේ තරුණ තරුණියන් බොහෝවිට පෙළඹී ඇත.

ඇඳුම් පැළඳුම් හා කොන්ඩ මෝස්තර රටාව අනුව විවිධාකාර විලාසිතා වලට නැඹුරු වීම වර්තමානයේ දැකගත හැකිය ආකර්ෂණීය විලාසිතාවන් තාරුණ්ය පෙරළිකාර ජවය හා විශ්වාසය ඇති කිරීමට සමත් වේ.
ඇත්තටම තාරුණ්යය සිටින ඔබටත් මටත් විලාසිතා වැදගත්ද .? තරුණියක තරුණයෙකු තම ඇඳුම් ආයිත්තම් කට්ටලය සඳහා වැය කරන මුදල කොපමණද ? විවිධ සමාජ කණ්ඩායම් අතර පවතින මෝස්තර මොනවාද ඔබගේ අනන්යතාවට ගැලපෙන විලාසිතාව කුමක්ද ? මේ සියල්ලම පිළිබඳ ඔබ දැනුවත්ද ..විලාසිතා වර්තමානයේ සෑම තැනකම පාහේ දක්නට ලැබේ.එම නිසා වෙන්න අතේ පවතින මුදලට වඩා විශාල වූ මුදලක් වියදම් කර ඇඳුම් පැළඳුම් ලබාගැනීමට තරුණ තරුණියෝ උත්සාහ ගනිති .
පුද්ගලයෙකු අඳින ඇඳුම් ආයිත්තම් නිරීක්ෂණය කිරීමෙන් ඔවුන්ගේ සමාජ තරාතිරම තීරණය කිරීමට වර්තමාන සමාජ පරිසරය පත්වීම නිසා වර්තමාන තාරුණ්ය විලාසිතා කෙරෙහි වැඩිපුර නැඹුරුවීමට හේතුවක් ලෙස දැක්විය හැක .
චිත්රපට වල පෙන්වන තරු අනුකරණය කරමින් එහි වූ ඇඳුම් ආයිත්තම් වෛවර්ණ ආභරණ වැඩි වන පැළඳීමේ ආශාව ඔවුන් සතුව පවතී .බොහෝ තරුණ තරුණියන් තමන්ට නොගැළපෙන විලාසිතා කිරීමට යෑමෙන් ලිංගික හිංසනයන්ට පවා ලක් වූ අවස්ථා වාර්තා වී ඇත ..එම නිසා තමන්ට සුදුසු ගැලපෙන ගැළපෙන විලාසිතා පමණක් කිරීම සුදුසු වේ..
වර්තමානයේ තාරුණයට ගැලපෙන දෙස් විදෙස් විලාසිතා රැගෙන තවත් ලිපියකින් හමුවෙමු ..
සටහන - සජානී සිල්වා