2021 වර්ෂයේ අගෝස්තු මස 19 එළි දැක් වූ home සිනමාපටය මලයාලම් සිනමාව විසින් දායාද කල අපුර්ව නිර්මාණයක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්. Rojin thomas නම් අධ්යක්ෂකවරයාගේ තුන්වන මලයාලම් සිනමාගමනය ලෙසින් එළි දැක්වුණු home සිනමාපටය Drama / Romance ශානරයට අයත් වන අතර එය IMDb දර්ශකයේ 9.1/ 10 ඉහල අගයක ලබාගෙන තියෙනවා. 2 h 38m ක් දිවෙන Home හි ඔලිවර් ටිව්ස්ට් (Indrans), ඇන්තනී (Sreenath Bhash), කුට්ටිඅම්මා(Manju pillai), චාල්ස් (Naslen K Gafoor) යන චරිතයන් වටා ගෙවියන්නේ ප්රේක්ෂක ජනප්රියතාව ඉහළ ම මට්ටමටක රදවාගනිමින්.


එක්තරා පවුලක් වටා දිවෙන කතාවක් වන Home හි ඇන්තනී කියන්නේ පවුලේ වැඩිමහල් දරුවා. ඔහු වෘත්තීයෙන් ප්රසිද්ධ චිත්රපට තිර පිටපත් රචකයෙකු ( Scriptwriter) ලෙස කටයුතු කරනවා. ඇන්තනී ස්මාර්ට් දුරකථනයට කොයිතරම් ඇබ්බැහි වෙලා ද? කිව්වොත් ඔහුට ඔහුගේ වෘත්තීය ජිවිතය පවා අතපසුවිම් ඕනෑ තරම් සිදු වෙනවා.ඒ නිසාවෙන් ම මගහැරුණු වැඩ නිම කිරිමට නැවත ඔහුගේ නිවසට යනවා . එහිදී ඇන්තනීගේ සහ ඔහුගේ පවුල වටා දිවෙන කතාවක් තමයි Home නරඹන ඔබට රසවිදින්නට ලැබෙන්නේ. මේ කතාව ඔබගෙත් මගෙත් ජිවිතවලට වඩාත් සමීපයි. ඒ ඇයි කියල නැරඹු පසුව ඔබට තේරුම් යාවී.

අපේ ජිවිත වටිනාම දෙයක් තියෙනවා නම් එ අපේ පවුල. කරදර කොයිතරම් ආවත් ළඟ ම රැඳෙන ශක්තිය වෙන්නේ පවුල. Home චිත්රපටයේ එකී පවුල බැඳියාව ඉතා සියුම් ව කැමරා කාචයට හසුකරගෙන තියෙනවා. දරුවන් උස්මහත් කරන්න දෙමාපියන් දරන උත්සාහය, උස්මහත් උනාමත් දරුවන් මත්තේම දෙමාපියන් නැහෙනවාද? දරුවන් උස් මහත් වෙලා අධ්යාපනය ලබලා ඔවුන් සමාජය එක්ක ගැටෙන්න ගන්නකොට දෙමාපියන් අභිබවා යන එක දෙමාපියන්ට කියාගන්න බැරි සතුටක්.ඒ වගේම ඔවුන් ජිවිතේ බලාපොරොත්තු වෙන්නෙත් දරුවන්ගේ සාර්ථකත්වයමයි.

"අකුණු ගහනවා ඇහෙන්නේ නැද්ද?
විනාඩි පහකට ඕක පැත්තකින් තියන්න බැරිද ?''
"අකුණු ගැහුවට මොකද මං ෆොන් එක කොහෙටවත් ගහල නැහැ නේ. ''
"අකුණුවල විකිරණ හරහා ඒවා එනවා නේද?
වාතය හරහා එන්නේ නැද්ද?
ඕකෙ internet තියෙනවා නේද ?''
"නිකන් විහිළුවක් වෙන්න එපා තාත්තේ''

නමුත් දරුවන් හැඩි_දැඩි වුවට පසුව ඔවුන් හිතනව අම්මලා තාත්තාලා මොනවද දන්නේ කියල. අවිශ්වාසයක් නැහැ. ඔබත් මමත් නිසැකව ම එහෙම හිතපු අවස්ථා ඕනෑ තරම් ඇති. දරුවන් නොහිත කරන, කියන පුංචිම දෙවල් නිසා දෙමාපියන් කොයිතරම් දුකට පත් වෙනවා ද? එත් මතක තබාගන්න. ඔබත් මමත් යම් සාර්ථකත්වයක් ලගා කරගෙන තියෙනව නම් ඒ ඔබේත් මගෙත් දෙමාපියන් නිසා බව Home චිත්රපටයේ හරි අපුරුවට පෙන්නලා දෙනවා.

"ඇබ්බැහිවෙලා නේද? හරියට සිගරට් බොනවා වගේ.''

එ වගේ ම ස්මාර්ට් දුරකතන අපේ ජිවිත අපිටත් නොදැනිම උදුරගෙන තියෙන්නේ කොහොමද කියල මේ චිත්රපටයට නිරුපණය කරනවා . තාක්ෂණයත් එක්ක ගැටෙනකොට දෙමාපියන් සහ දරුවන් අතර වෙනස්කම කතාවට ඇතුළත් කරල තියෙන්නේ ඇන්තනීගේ පියා, ඇන්තනී සහ චාල්ස් චරිත එක්ක. ඔබටත් මතක් වේවි ඔබේ දෙමාපියන් ව. ස්මාර්ට් දුරකථන කොයි තරම් අපේ සමීපතයන්ගෙන් අපෙන් දුරස් කරල තියෙනව ද? අපිට පවුල කොයිතරම් මගහැරිලා තියෙනව ද ? අපි social media ඇතුළේ සුබ චරිත රගදක්වනවාද ? ඒ ඔබේ සැබැම ජිවිතයද ?කියල ඔබටම ඔබ ගැන නැවතත් හිතන්න Home හරි අපුරු උත්සහයක යෙදිලා තියෙනවා. මේ සිනමාපටය නරඹන ඔබට කැඩපතකින් ඔබවම දුටුවා වගේ දැනෙයි. ඇතැමි විටෙක සිනාවක්, කඳුළක්, ඔබට ම ඔබ ගැන ලැජ්ජවක් වගේ ම පසුතැවිමක් දැනෙවි. එ තරමට මේ සිනමාපටය අපේ ජිවත සංවේදි කරනවා.

හැමදාම වගේ ෆැන්සියට කනේ පහරක් එක්ක ප්රේක්ෂකයාව එළියට ඇදලා දාලා යථාර්ථය සිනමාවට ගෙනෙන මලයාලම් සිනමාවෙන් දායද වුණු මේ Home ඔබ අනිවාරෙන් ම නැරඹිය යුතු බවයි මගේ නම් අදහස.
_ සටහන ධනූ කුලතුංග