සාර්ථකත්වය කියන්නේ මම දකින විදිහට එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වුන සිතුවිල්ලක්. සාර්ථකත්වය විවිධයි. ඇතැම්විට කෙනෙක් දකින සාර්ථකත්වය ආර්ථික වශයෙන් ස්ථාවර වීම වෙන්න පුළුවන්. නැත්තම් තවත් කෙනෙකුගේ සාර්ථකත්වය ආධ්
යාත්මික වශයෙන් දියුණු විම වෙන්නත් පුළුවන්. එ කියන්නේ සාර්ථකත්වය අපි දකින, හිතන පතන අපේ එක්තරා සිතුවිල්ලක්. මෙහෙම හිතමුකො. කෙනෙකුට අවශ්ය වෙන්න පුළුවන් ලොකයේ ධනවත් ම කෙනා වෙන්න. නැත්තම් හොදම ව්යාපාරියෙකු වෙන්න? ඔබ අසා ඇති බිල් ග්රෙට්ස්, ආලි බාබා වැනි ලොක සුපිරි ධනවතුන් පිළිබඳ ව. ඔබත් හිතනවා ඇති මගේ සාර්ථකත්වයත් එතැනට යන එක කියලා. ඒ කියන්නේ ඔබ දකින ඔබට අවශ්ය සාර්ථකත්වය ආර්ථිකමය සාර්ථකත්වයක්. අද වන විට ලෝකය මුදල් මුලික වුන සමාජයක් නිසාවෙන් හැමෝම දකින සාර්ථකත්වය ආර්ථිකමය වෙලා.

නමුත් අධ්යාත්මික වශයෙන් සාර්ථකත්වය හොයන මිනිස්සුත් අතලොස්සක් ඉන්නවා. එකට හොද ම උදාහරණය ගෞතම බුදුන් වහන්සේ. භෞතික දියුණුව එහා ගිය ආධ්යාත්මික දියුණුවේ උපරිමය උන්වහන්සේ ළඟ වුණා. ගිහි ජිවිතේ අවශ්ය සියලුම සැප සම්පත් වලින් පරිපූර්ණ වුනත් උන් වහන්සේ සාර්ථකත්වය ලෙස දුටුවේ නිවන, අධ්යාත්මික සංවර්ධනයක්. ඒ විතරක් නෙවේ කෙනෙකුගේ සාර්ථකත්වය නිවසක් සැදිම, රැකියාවක් කිරිම, යහපත් ගෘහ ජිවිතයක් ඕනෑ ම දෙයක් වෙන්න පුළුවන් . ඔබ දකින සාර්ථකත්වය කොයිබට වුණත් සාර්ථකත්වය ලගා වනවාද ? නැද්ද ? තීරණය තියෙන්නේ ඔබ සතු ව පමණයි.
ඉතිං ඔබ ඔබම වන්න. ඔබට අවශ්ය දේ සොයා ගන්න. සිහින දකින්න. මහන්සි වෙන්න. වැඩ කරන්න. අසාර්ථක විම්,.බලාපොරොත්තු කඩවිම් තුළින් ඉගෙන ගන්න. නැවත නැගිටින්න වැඩ කරන්න. ධනාත්මක ව සිතන්න. ඔබේ සාර්ථකත්වය ඔබ ම සොයායන්න.
සටහන - ධනු කුලතුංග